2021 දි අභ්‍යවකාශයෙ පලවෙනි Hotel එක Open වෙනවා.දැන් ම කාමරයක් වෙන් කරගන්න 😉

2021 වෙනකොට ලෝකෙ පළවෙනි සුඛෝපබෝගී අභ්‍යවකාශ හෝටලය විවෘත වෙනවා කියලා ආරංචි වුණා.ඒ ගැන තමා අද Post එක.මේකෙ ප්‍රමාණය සැලකුවොත් දිගින් අඩි 35ක් සහ පළලින් අඩි 14 ක් වෙනවා.මේ හෝටලයේ එකවර සංචාරකයින් හතර දෙනෙකුට සහ ඔවුන්ට සේවා සපයන්නන් දෙදෙනෙකුට ඉඩ සලසන්න නියමිතව තියෙනවා.

මේ සංචාරකයන්ට අමතක නොවෙන අත්දැකීමක් ලබා දෙන්න තමා සමාගම හිතන් ඉන්නෙ.විශේෂයෙන්ම දවස් 12ක් අධික වේගයෙන් පෘථිවිය වටේට මෙයාලව එක්කන් යන්නත් ඔවුන් සැලසුම් කරලා තියෙනවා.
හැබැයි ඉතින් මධ්‍ය ආදායම් ලබන අපි වගේ රටක අයටනම් මේ හීනෙ හීනයක් විතරක්ම වෙන්නත් ඉඩ තියෙනවා ඒ මොකද ඔවුන් මේ වන විට සැලසුම් කරල තියෙන්නෙ එක Passenger කෙනෙක්ගෙන්(මගියෙක්ගෙන්) ඇමෙරිකානු ඩොලර් මිලියන 9.5 ඒ කියන්නෙ රුපියල් වලින් 1,491,500,000 (1$= Rs.157 නම්)අය කරන්න සැලසුම් කරලා තියෙනවා.ඔයාලා කැමතිනම් මේ හෝටලේට Travel එකක් දාන්න ඔයාලට පුලුවන් දැන්ම ඔයාගේ ඉඩ වෙන් කරගන්න.

Orion Span සමාගම Online Reservation system එකක් මේ සදහා හදුන්වලා දීලා තියෙනවා.ඒ කියන්නෙ ඔයාලට Online ම කාමරයක් වෙන් කරගන්න පුලුවන්.හැබැයි 80 000 $ ක් අත්තිකාරමක් වශයෙන් ගෙවන්න ඕනි.
Deposit කරන්න බය වෙනන ඕන නෑ.මේ $80000 ආයේ ගන්න ඔයාලට පුලුවන්.
Orion Span ආයතනයෙ මූලාරම්භකයා ඒවගේම ප්‍රධාන විධායක නිලධාරියා වන Frank Bunger මහතා Bloomberg වෙත අදහස් දක්වමින් කියාසිටියේ “අපට අවශ්‍යයි මිනිස්සු අභ්‍යාවකාශයට ගෙනියන්න මොකද ඒක මානව ජනාවාසකරණයේ විශාල ඉදිරි පියවරක් වෙනවා.”කියලයි.ඒ වගේම ඔහු කියනවා ඔවුන් එක පුද්ගලයකුට ඩොලර් මිලියන 10 කට අඩු මුදලක් නියම කරලා තියෙන්නෙ මේ හෝටලේ පටන් ගත්ත ගමන්ම නිසාලු.මොකද හැමෝම බලාපොරොත්තුවෙන්නෙ ආරම්භයේදී මොකක් හරි Offer එකක් ලැබෙයි කියලනෙ.

ඔන්න ඔයාලා හිතන් ඉන්නවන්නම් මේකෙ දවසක් හරි ඉන්න,බලන් ඉන්න එපා මේ දැන්ම book කරගන්න මොකද ප්‍රමාදය පසුතැවිල්ලට හේතුවේ කියනවනෙ.😉😉😉

මේ හෝටලයේදී ඔයාලට ලැබෙන පහසුකම් ගැන දැනගන්නත් ඔයාලා ආසා ඇති.ඒ අතරින් විශේෂයෙන්ම ඔයාලට පුලුවන් ගුරුත්වාකර්ෂණය රහිත නිසා හෝටලය පුරාම පියාඹන්න.ඒ වගේම ඔයාල ජිවත් වෙන තැන/නගරය අභ්‍යාවකාශයේ ඉදන් බලන්නත් ඔයාලට අවස්තාව සලසලා තියෙනවා.තව විශේෂ දෙයක් තමයි ඔයාලට පුලුවන් විවිධ පරීක්ෂණ කරන්න හරියට කක්ෂ ගතව ඉද්දි එළවළු වගේ දේවල් වගා කරලා බලන්න පුලුවන්.තවත් දෙයක් තමා තමන්ගෙ යාලුවො ,පවුලේ අය එක්ක video chat කරන්නත් අවස්තාව දීලා තියෙනවා.

හැබැයි ඔයා යන්න හිතන් ඉන්නවනම් ඔයාට සිද්ධ වෙනවා Avurora මධ්‍යස්ථානයේ මාස තුනක කාලයක් පුහුණු වෙන්න.එහෙදි මූලික අභ්‍යාවකාශ තරණ දැනුම,කක්ෂ යාන්ත්‍රණය,අභ්‍යාවකාශයේ පීඩන පරිසර තත්ව ආදිය ගැන දැනුම ලබා දෙන්න සැලසුම් කරලා තියෙනවා.
ඒ වගේම හූස්ටන් මධ්‍යස්ථානයේ පිහිටලා තියෙන Orion Span මූලස්ථානයේදීත් පුහුණුවක් ලබලා දෙන්න එයාල හිතන් ඉන්නවා.
Orion span සමාගම කියන්නෙ එයාලගෙ අරමුණ වෙන්නෙ හැමෝටම අඩු මුදලකට අභ්‍යාවකාශය තරණය කරන්න අවස්තාව සලසන එක කියලයි.
ඉතින් ඔයාලත් අනිවා ආස ඇති අභ්‍යාවකාශයේ හෝටලේක නවතින්න.මෙන්න ඒ අවස්තාව දැන් උදා වෙලා තියෙනවා.සල්ලි තියෙන අය ඉක්මනින් booking එකක් දාන්න.සල්ලි මදි අය දුක් වෙන්න ඔනි නෑ.අද ඉදන් සල්ලි හොයන්න මහන්සි වෙන්න දවසක ඔයාටත් අනිවා පුලුවන්වෙයි අභ්‍යාවකාශයෙ හෝටලේක පාවි පාවි ඉන්න.

මේ ගැන ඔයාලා තව දේවල් දන්නවා ඇති.ඒ දේවල් Comment එකකින් කොටන් යන්ඩ.අනිත් අයටත් දැනගන්ඩ.මේ Post එකේ තියෙන දෙයක්/තැනක් ගැන දැනගන්ඩ ඕනනම් ඒකත් කියන්ඩ.ඊලඟ Post එකෙන් කියන්නම්.

Android ඉතිහාසයි|History of Android

ප්‍රථම නිකුත් කිරීමෙන් පසු නව සංස්කරණයන් කීපයක් ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය සදහා නිකුත් කරන ලදී. සාමාන්‍යයෙන් නව සංස්කරණ සදහා සංකේත නාම ලෙස ඔවුන් යොදා ගනු ලබන්නේ අතුරුපස නාමයන් වෙයි. එසේම එම නම් ඉංග්‍රීසි භාෂාවේ අකාරාදී පිලිවෙළට සකස්කර ඇත.

  • 1.5 (කප් කේක්) – ජංගම දුරකථන සදහා
  • 1.6 (ඩෝනට්) – ජංගම දුරකථන සදහා
  • 2.0 (ඉක්ලෙයා) – ජංගම දුරකථන සදහා
  • 2.1 (ඉක්ලෙයා)– ජංගම දුරකථන සදහා
  • 2.2 (ෆ්‍රොයෝ )– ජංගම දුරකථන සදහා
  • 2.3 (ජීන්ජර්බ්‍රේඩ්)– ජංගම දුරකථන සදහා
  • 3.0 (හනිකොම්බ්)– ටැබ්ලට් පරිගණක සදහා
  • 3.1 (හනිකොම්බ්)’– ටැබ්ලට් පරිගණක සදහා
  • 3.2 (හනිකොම්බ්)’– ටැබ්ලට් පරිගණක සදහා
  • 4.0 (අයිස් ක්‍රීම් සැන්ඩ්ව්ච්)– ටැබ්ලට් පරිගණක හා ජංගම දුරකථන සදහා
  • 4.1/4.2/4.3 (ජෙලි බීන්)– ටැබ්ලට් පරිගණක හා ජංගම දුරකථන සදහා
  • 4.4 (කිට්කැට්)– ටැබ්ලට් පරිගණක හා ජංගම දුරකථන සදහා
  • 5.0 (ලොලි පොප්)– ටැබ්ලට් පරිගණක හා ජංගම දුරකථන සදහා
  • 5.1 (ලොලි පොප්)-ටැබ්ලට් පරිගණක හා ජංගම දුරකථන සදහා
  • 6.0(මාෂ්මෙලෝ)-ජංගම දුරකථන සදහා

මෝටරෝලා සමාගම මගින් 2011-ඔක්තොම්බර් මස එළිදක්වන ලද ඩ්‍රොයිඩ් RAZR ඇන්ඩ්‍රොයිඩ්, අයිස් ක්‍රීම් සැන්ඩ්ව්ච් අනුවාදය මුලින්ම යොදාගනු ලබන ජංගම දුරකථනයයි.

සැම්සුන් සමාගම මගින් එළිදක්වන ලද සැම්සුන් ගැලැක්සි නෙක්සස් ඇන්ඩ්‍රොයිඩ්, ජෙලි බීන් අනුවාදය මුලින්ම යොදාගනු ලබන ජංගම දුරකථනයයි.

ඇපල් සමාගම|Apple inc

ඇපල් සමාගම (inc)

වර්ගය පොදු සමාගම
ආරම්භය ඇමරිකා එක්සත් ජනපදය, කැලිෆෝනියා ප්‍රාන්තය, 1976 අප්‍රේල් 1
මූලස්ථානය කපර්ටිනෝ ,කැලිෆෝනියා
ප්‍රධානීන් ස්ටීව් ජෝබස් (ප්‍රධාන විධායක නිලධාරී, ආරම්භක)
ස්වීට් වොස්නියදක් (ආරම්භක)
කිමති ඩී.කූක් (COO)
පීටර් ඕපන්හයීහර් (ප්‍රධාන මුල්‍ය නිලධාරී)
ෆිල්ප් ඩබ්. ශීලර් (SVP-අලවිකරණය)
ජෙතන් අයිව් (කර්මාන්ත නිර්මාණය)
ටෝනි ඩේල් (SVP Ipod කොට්ඨාශය)
රෝන් ජොන්සන් (SVP සිල්ලර)
සීනා ටැම්ඩන් (SVP යෙදුම්)
බර්නාර්ඩ් සර්ලට් (SVP මෘදුකාංග ඉන්ජිනේරු)
සිකොට් ෆොර්ට්ස් (VP Platform Experience)
කර්මාන්ත පරිගනක දෘඩාංග, පරිගණක මෘදුකාංග, පාරිභෝගික ඉලෙක්ට්‍රොනික භාණ්ඩ
නිෂ්පාදන Moc (පරිගණක), mac OXS, Mac OS X server pod, QuickTime, Infuses, Life, Work, Sadori, Apple Remote Desktop,Xsan, Final cut Studio, Air Poort, Ipod, අයි ෆෝන් , Mighty mouse, Apple TV
ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 24.01
මෙහෙයුම් අදායම ඇමරිකානු ඩොලර් බිලියන 4.41
ශුද්ධ ආදායම USD 3.50 billion
සේවක සංඛ්‍යාව 17, 787
වෙබ් අඩවිය Apple.com

ඇපල් පරිගණක සමාගම නමින් ආරම්භ වු මෙම සමාගම ඇමෙරිකානු බහු ජාතික සමාගමකි. මෙම ආයතනය මඟින් වැඩි වශයෙන් පරිභෝජනයට ගැනෙන විද්‍යුත් උපාංග සහ ඊට අදාළ මෘදුකාංග නිර්මාණය සහ නිෂ්පාදනය කරනු ලබයි. 1976 වර්ෂයේ අප්‍රේල් 1 දින කැලිෆෝනියා ප්‍රාන්තයේ කපර්ටිනෝ නගරයේ ස්ථාපිත වු, Apple සමාගම පරිගණක, I – pod උපකරණ, ජංගම දුරකථන, පරිගණක මෘදුකාංග, පරිගණක දෘඩුකාංග, පරිගණක අනුපුරක කොටස් නිෂ්පාදනයේ යෙදේ. 2007 වසරේ සැප්තැම්බර් වනවිටදී Apple සමාගමට අයිති ප්‍රදර්ශනාගාර 200 ක් රටවල් 5 ක් දුර විසිරි ඇති අතර අන්තර්ජාල අළෙවි සැලක්ද වේ.I – funs store හි ගීත විඩියෝ පට, රූපවාහිනී වැඩසටහන්, චිත්‍රපට, I – pod පරිගණක ක්‍රීඩා සහ ග්‍රාම්‍ය ග්‍රන්ථ යනාදිය බාගත හැකිය. මෙම සමාගම වැඩිම පාරිභෝගික ප්‍රසාදයට ලක් වු නිෂ්පාදන වනුයේ. Macintosh පරිගණකය, I – pod යන්ත්‍රය සහ iPhone දුරකථනයයි. ඔවුන්ගේ ජනප්‍රියතම මෘදුකාංගය වනුයේ Mac – OS X මෙහෙයුම් පද්ධතිය සහ I life බහු මාධ්‍ය උපකරණයි.

1977 වසරේ ජනවාරි 3 වැනි දින සංස්ථාගත වු මෙම සමාගම මුල් වසර 30 දී ඇපල් පරිගණක සමාගම නමින් හැදින්වු අතර ඔවුනගේ නිෂ්පාදන පරිගණකයෙන් ඔබ්බට ගිය නිසා සමාගම් නම ඇපල් සමාගම නමින් හදුන්වන ලදී.

ලොව වටා පුර්ණ කාලීන හා සමාකාලීන සේවයක් සපයන මෙම ආයතනයේ සේවක සංඛ්‍යාව 20,000 ට අධික වේ. ඇපල් සමාගම විසින් 2007 වසරේදී ඇමරිකානු ඩොලර් බිලියන 24.01 විකුණුම් ළගා කර ගන්නා ලදී.

ඇපල් සමාගම සෞන්දර්යාත්මක හා පරිභෝගිකයාට පහසු වන ආකාරයට උපකරණ නිෂ්පාදනය කර ඇත. මේ නිසා මෙම සමාගමේ සන්නම් භාවිතා උපකරණ සදහා විශේෂ ඉල්ලුමක් සහ එම සමාගමේ භාණ්ඩ මත පමණක් පරිභෝජනය කරන පාරිභෝගික කොටසක් ඇත. මේ හේතුවෙන් Apple සමාගම ඉතා උසස් තත්තවයේ භාණ්ඩ නිෂ්පාදනය කරන සමාගමක් ලෙස ලොව වටා සහ විශේෂයෙන්ම එක්සත් ජනපදයේ නම් දරා සිටී.

First iPhone|පළමු අයිෆෝනය

iPhone යනු Original iPhone,අයිෆෝන් 2G හෝ අයිෆෝන් EDGE ලෙස හැඳින්වෙන්නේ ඇපල් සමාගම මගින් නිර්මාණය කර බෙදාහරින ප්‍රථම පරම්පරාවේ අයිෆෝන යයි.අයිෆෝන් 3G වෙළඳපොලට පැමිණියේ ඉන්පසුවයි. එය 2007 ජනවාරි 9 වන දින එළිදක්වන ලදී .එය යුරෝපියානු වෙළෙඳපොලේ එළිදැක්වීමට පෙර ඇමරිකා එක්සත් ජනපදයේදී 2007 ජුනි 29 වන දින නිකුත්කරන ලදී.Quad-band GSM,GPRS සහ EDGE තාක්ෂණයන්ගෙන් සමන්විතය.

ප්‍රථම නිකුතුවේ අයිෆෝනයේ සැලැසුම 3.5 inches (89 mm) වීදුරු බහු-ස්පර්ශස්පර්ශතිරය කේන්ද්‍රීයව නිර්මාණය කරන ලදී.

ප්‍රථම අයිෆෝනය බොත්තම් 5කින් සමන්විත වූ අතර එය නව මාදිළි වලද නොවෙනස්ව පවතී.එලෙසම මෙය ක්‍රෝමියම් ආලේපිත ලෝහ රාමුවකින් සමන්විතය.පසුපස කොටස කළු ප්ලාස්ටික් මූලික කරගත් ඔපදමන ලදඇලුමිනියම් වලින් නිමවා ඇත.මෙයට හේතුව වන්නේ ලෝහ මගින් දුරකතන සහ Wi-Fi සංඥා වලට බාධා කරන බැවිනි.

අයිෆෝනයේ පසුපස, වම්පස උඩ කෙලවරේ කැමරාව පිහිටා ඇත.මෙහි Headphone socket ආවරණය තුලට ගිල්ලවා ඇති බැවින් ,Aadapter එකක් නොමැති බොහෝ Headsets සඳහා නොගැළපේ.අනිකුත් මාදිළි වල මෙම ගැටළුව නොමැත.

විවිධ වර්ණ වලින් ලබාගත නොහැකි එකම අයිෆෝනය වන්නේද මෙම “Original iPhone “එකයි.iPhone 4 හැරුණුකොට අන් සියලුම අයිෆෝන කළු සහ සුදු යන වර්ණයන්ගෙන් ලබාගත හැකිය.

මෙම iPhone ය සඳහා තවදුරටත් ඇපල් හි මෘදුකාංග යාවත්කාලීනයන් ලබාදෙනු නොලැබේ.

Developer Apple Inc.
Manufacturer Foxconn (OEM)
Release date ජුනි 29, 2007
Units sold 6.1 million
Operating system iOS 3.1.3 (build 7E18)
Released පෙබරවාරි 2, 2010; වසර ගණනකට 8 ක් පෙර OS no longer supported by Apple; third party operating systems available
Power Built-in rechargeable li-ion battery 3.7 V 1400 mAh
CPU Samsung 32-bitRISC ARM 1176JZ(F)-S v1.0 620 MHz
Underclocked to 412 MHz
Storage capacity 4 GB, 8 GB or 16 GB flash memory
Memory 128 MB eDRAM
Display 3.5-inch screen (diagonally)
320-by-480-pixelresolution at 163 ppi
2:3 aspect ratio
18-bit (262,144-color) LCD
Audio Two speakers
TRRS headphone jack, 20 Hz to 20 kHz frequency response (internal, headset)
Microphone
Input Multi-touchtouchscreen display
3-axis accelerometer
Proximity sensor
Ambient light sensor
Microphone
Headset controls
Connectivity Quad-bandGSM/GPRS/EDGE
(850 900 1800 1900 MHz)
Wi-Fi (802.11 b/g)
Bluetooth 2.0
USB 2.0/Dock connector
Online services App Store, iTunes Store, MobileMe, Safari (Web Browser)
Dimensions 115 mm (4.5 in) (h)
61 mm (2.4 in) (w)
11.6 mm (0.46 in) (d)
Weight 135 g (4.8 oz)

සම්මාන :

The Newyork Times

සහ The Wall Street Jurnel විසින් අයිෆෝනය පිලිබඳ ධනාත්මක එහෙත් අවවාදාත්මක සමාලෝචනයක් පළ කරන ලදී.ඔවුන්ගේ ප්‍රධානතම විවේචනය වූයේ AT&T ජාලයේ මන්දගාමී වේගය සහ 3G සේවාව ඔස්සේ සම්බන්ධ විය නොහැකි වීමයි.

ද වෝල් ස්ට්‍රීට් ජර්නල්හි තාක්ෂණ තීරු ලේඛකයෙකු වන, වෝල්ට් මොස්බර්ග් විසින් “සමහර අංග කිහිපයක් අඩුකිරීම හැරුණුකොට, අයිෆෝනය යනු සමබර,අලංකාර අතේගෙනයාහැකි පරිගණකයක්” ලෙස ප්‍රකාශ කරන ලදී.

Time සඟරාව විසින් අයිෆෝනය “2007 වසරේ නිපැයුම” ලෙස නම් කරන ලදී.

All about IP Address|IP එක ගැන – Part 01

සන්නිවේදනය සදහා ප්‍රොටෝකෝලය (Internet Protocol) භාවිතා වන පරිගණක ජාලකරණයේදී පාවිච්චි කරන එක් එක් උපාංග (උදා. පරිගණකය, මුද්‍රණ යන්ත්‍රය) සඳහා යොදන සංඛ්‍යාත්මක ලේබලය Ip Address එක හඳුන්වයි.

අන්තර්ජාල කෙටුම්පතේ ප්‍රධාන කාර්යයන් දෙකකි.

  1. සේවය සපයන්නා හෝ ජාල යාකරනය හඳුනා ගැනීම.
  2. අවශ්‍ය ස්ථානයට යොමුකිරීමයි.

ඒ කාර්යභාරය පහත පරිදි හඳුනාගනිමු. “නමක් අප සොයන දෙය දක්වයි. ලිපිනයක් ස්ථානය කොතනදැයි දක්වයි. මාර්ගයක් එතැනට කෙසේ ළඟා විය යුතුදැයි දක්වයි.

අන්තර්ජාල කෙටුම්පතෙන් අර්ථදක්වා ඇති පරිදි අන්තර්ජාල කෙටුම්පත් ලිපිනය බිටු (bits) 32ක සංඛ්‍යාවක් වන අතර තවමත් භාවිතා වන මේ ක්‍රමය 4 වන අන්තර්ජාල කෙටුම්පත සංස්කරණය (IPv4) ලෙස හැඳින්වේ. කෙසේ වුවත් අන්තර්ජාලයේ අතිමහත් වර්ධනය සහ භාවිතා කළ හැකි ලිපිනයන් ප්‍රමාණය ක්‍ෂයවීම හේතුවෙන් ලිපිනය සඳහා බිටු 128 කින් යුත් අන්තර්ජාල කෙටුම්පතේ නව සංස්කරණයක් (IPv6) 1995 දී එළිදක්වන ලදි. 1998 දී මෙම IPv6, RFC 2460 ලෙස සම්මත කරගන්නා ලද අතර එය වර්ෂ 2000 මැද භාගයේ සිට සාර්ථකව භාවිත වේ.

අන්තර්ජාල කෙටුම්පත් ලිපිනය ද්විමය (binary) සංඛ්‍යාවක් වනමුත් ඒවා ගබඩාකර තබාගන්නේ අක්‍ෂර ගොනු (Text files) තුල වන අතර මනුෂ්‍යයන්ට කියවා ගත හැකි ආකාරයෙන් විදහා දක්වයි. උදා. 4වන සංස්කරණය (IPv4) සඳහා 172.16.254.1 ලෙසින්ද, 6වන සංස්කරණය (IPv6) සඳහා 2001:db8:0:1234:0:567:8:1 ලෙසිනි.

අන්තර්ජාල නොම්මර වෙන්කිරීමේ අධිකාරිය (IANA) විසින් ලෝකය පුරා අන්තර්ජාල කෙටුම්පත් ලිපිනය වෙන්කිරීමේ කාර්යය පාලනය කරන අතර ප්‍රාදේශීය අන්තර්ජාල පාලනාධිකාරීන් (Regional Internet Registries) පහකට ,ප්‍රාදේශීය අන්තර්ජාල රෙජිස්ටාර් කාර්යාල [local Internet registries(Internet service providers)]වලට අන්තර්ජාල කෙටුම්පත් ලිපින කාණ්ඩයන් වෙන්කිරීමේ කාර්යය පවරා ඇත.

To be continued:Part 02 is on the way

සාධාරණ/සාමාන්‍යය සාපේක්ෂතා වාදය|ඇල්බට් අයින්ස්ටයින්

සාධාරණ සාපේක්ෂතාවය, හෝ සාමාන්‍ය සාපේක්ෂතාවාදය යනු, 1916දී ඇල්බට් අයින්ස්ටයින් විසින් ප්‍රකාශයට පත් කෙරුණු ගුරුත්වය පිළිබඳ ජ්‍යාමිතික සිද්ධාන්තය සහ නූතන භෞතික විද්‍යාවෙහි ගුරුත්වය පිළිබඳ වත්මන් විස්තරය වෙයි. සාධාරණ සාපේක්ෂතාවාදයට අනුව වස්තූන් අතර ගුරුත්වාකර්ෂණයට හේතුව අවකාශ-කාලයෙහි විකෘත වීමය.

විසිවන සියවසේ ආරම්භය වන විට ශ්‍රීමත් අයිසෙක් නිව්ටන්ගේ සර්වත්‍ර ගුරුත්වාකර්ෂණ නියමය වස්තූන් අතර ගුරුත්වාකර්ෂණය පැහැදිලි කරන න්‍යාය ලෙස වසර 200ක පමණ පිළිගැනීමකට ලක්ව තිබිණ. නිව්ටන්ගේ නියමයට අනුව වස්තූන් අතර ගුරුත්වාකර්ෂණයට හේතුව ස්කන්ධ අතර පවතින ආකර්ෂණීය බලයකි. මෙම බලයෙහි සැබෑ ස්වරූපය පිළිබඳ පැහැදිලි අවබෝධයක් නොතිබීම ශ්‍රීමත් නිව්ටන් පවා අපහසුතාවට පත් කිරීමට හේතුවක් විය. කෙසේවුවද, ගුරුත්වය යටතේ වස්තූන්ගේ චලිතය මෙම න්‍යාය මගින් මනාව පැහැදිලි කිරීමට හැකි වූ හෙයින් එය අතිශය සාර්ථක සෛද්ධාන්තික ජයග්‍රහණයක් ලෙස සලකන ලදී.

එහෙත් බුද සහ වෙනත් ග්‍රහයින්ගේ සමහර නව පරීක්ෂණාත්මක දත්ත, නිව්ටන්ගේ සර්වත්‍ර ගුරුත්වාකර්ෂණ නියමයෙන් පැහැදිලි කළ නොහැකි වූ අතර ඒ සඳහා සාධාරණ සාපේක්ෂතාවාදය මනාව පිළිතුරු ලබා දුනි. නිව්ටන්ගේ සර්වත්‍ර ගුරුත්වාකර්ෂණ නියමය අයින්ස්ටයින්ගේ විශේෂ සාපේක්ෂතාවාදයට අනුකූල නොවූ අතර මෙම ඌනතාව සැපිරීම සාධාරණ සාපේක්ෂතාවාදය වැඩි දියුණු කිරීම මගින් සිදු කෙරිණි

සූර්යයාගේ රසායනික සංයුතිය|You Must Read

සූර්යයා සෑදී ඇත්තේ රසායනික මුල ද්‍රව්‍ය වලිනි. ඒවා කොතරම් සුලබ ද, ග්‍රහලෝකවල ඇති මුල ද්‍රව්‍ය වලට ඒවායේ ඇති සබදතාවය සහ සුර්යයාගේ අභ්‍යන්තරය තුල ඒවායේ විසරණය කෙබදුද යන්න සොයා බැලීමට නොයෙකුත් විද්‍යාඥයින් විසින් මෙම මුලද්‍රව්‍යය විශ්ලේෂණය කරනලදි.

මුල ද්‍රව්‍ය වල සුලබතාවය

බාකල් (Bahcal) විසින් 1990 දී සොයාගෙන ඇති පරිදි සුර්ය අභ්‍යන්තරයෙහි ඇති විශේෂ මුල ද්‍රව්‍ය සමහරකගේ ස්කන්ධ ප්‍රතිශතයන් මෙසේය. හයිඩ්‍රජන් – 34% හීලියම් – 64% ඔක්සිජන් – 1%

ලිතියම්, බෙරලියම්, සහ බෝරොන්.

පෙර සිතුවාට වඩා ලිතියම්, බෙරලියම්. සහ ‍බෝරොන් යන මුලද්‍රව්‍ය සුබල බව 1968 දී බෙල්ජියානු විද්‍යාඥයෙකු විසින් සොයා ගන්නා ලදි.

නියෝන්

2005 වර්ෂයේ දී විද්‍යාඥයින් කිදෙන් විසින් කියා සිටියේ සූර්යයා තුල නියෝන් වල සුලබතාවය පෙර සිතා සිටියාට වඩා වැඩි බවය.

හීලියම්

1986 වන තුරුම පිලිගෙන තිබුනේ සුර්යයාගේ හීලීයම් සංයුතිය Y = 0.25 බවය. නමුත් 1986 දී විද්‍යාඥයින් දෙදෙනෙකු විසින් එම සංයුතිය Y = 0.279 ක් බවට නිවැරදි කරන ලදි.

තනිව අයනීකරණය වූ යකඩ කාණ්ඩයේ මුලද්‍රව්‍ය.

1970 දී යකඩ කාණ්ඩයේ මුලද්‍රව්‍ය සුර්යයා තුල කොතරම් සුලබද යන්න පිලිබද පර්යේෂණ දියත් කරන ලදි.

තනිව අයනීකරණය වූ යකඩ කාණ්ඩයේ මුලද්‍රව්‍ය වල සම්පූර්ණ Gf අගයන් මුලින්ම ඉදිරිපත් කරන ලද්දේ කොරෝලිස්, බො‍ස්මාන් සහ වෝනර් විසිනි. ස්මිත් නැමැත්තා විසින් වැඩි දියුණු කරන ලද F අගයන් පරිගණක ගත කරන ලදි. තනිව අයනීකරණය වූ යකඩ කාණ්ඩයේ මුල ද්‍රව්‍ය වල සුලබතාවය 1978 වසරේ දී බෙයිමොන්ට් විසින් සොයාගන්නා ලදි. ඇතැම් යකඩ කාණ්ඩයේ මුලද්‍රව්‍ය වල එනම් කොබෝල්ට් සහ මැනක්ගනීස් වැනි මුලද්‍රව්‍ය වල සුලබතාව තිරණය කිරිමට අපහසු වී ඇත්තේ එම මුලද්‍රව්‍ය සතුව පවතින ඉතාමත් සියුම් ව්‍යුහයන් නිසාය.

සූර්යයා සහ ග්‍රහලෝකවල භාගික ස්කන්ධ සබදතාව.

සූර්යයාගේ සහ ග්‍රහලෝක වල නිෂ්ක්‍රීය වායුන්ගේ සමස්ථානික සංයුති අතර භාගික ස්කන්ධ අතර සබදතාවයක් ඇති බව බො‍හෝ ලේඛකයින්ගේ අවධානයට ලක් වූ කරැණකි. උදාහරණ ලෙස සුර්යයාගේ සහ ග්‍රහලෝකවල (Ne) සහ සෙනොන් (Xe) යන මුලද්‍රව්‍ය වල සමස්ථානික සංයුතිය පිළිබද සබදතාවය ඔවුන් විසින් පෙන්වා දෙන ලදි. කෙසේ නමුත් 1983 වන තුරුම විශ්වාස කළේ සෞරග්‍රහ වායුගෝලීය සංයුතිය හා සූර්යයාගේ සංයුතිය සමාන බවය.

1983 වසරේ දී විද්‍යාඥයින් දෙදෙනෙකු විසින් අනාවරණය කලේ ග්‍රහලෝක සහ සූර්ය ඇති නිෂ්ක්‍රීය වායු වන සමස්තානිකයන්ගේ සංයුතිය අතර භාගික වල සමස්ථානි සබදතාවට හේතුව සූර්යයාගේ භාගීකරණය බවය.

මුලද්‍රව්‍ය විසරණය.

සූර්යයා සෑදී ඇත්තේ රසායනික මුලද්‍රව්‍ය වලිනි. සුර්යයා තුල මෙම මුලද්‍රව්‍ය විසරණය ‍වී ඇති ආකාරය එනම් සූර්ය අභ්‍යන්තරය තුළ ඒවායේ පැතිරීම පිළිබද විශේෂ විද්‍යාත්මක අවධානයක් යොමු විය. සුර්ය මුලද්‍රව්‍ය වල විසරණය තීරණය කරන සාධක කිහිපයක් ඇත. ගුරැත්වාකර්ෂණය ඉන් එකකි. ගුරුත්වාකර්ෂණය නිසා බරින් වැඩි මුලද්‍රව්‍ය (උදාහරණ ලෙස වෙනත් බරින් වැඩි ලෝහ නොමැති අවස්ථාවලදී හීලියම් ) සූර්ය ස්කන්ධයේ මධ්‍යයට ඇලී පවතින අතර හයිඩ්‍රජන් වැනි බරින් අඩු මුලද්‍රව්‍ය සූර්යාගේ බාහිර පෘෂ්ඨයෙ දෙසට පැතිරි පවතී.

හීලියම් විසරණය

සූර්ය අභ්‍යන්තරය තුල හීලියම් වල විසරණය විද්‍යාඥයින් ගේ විශේෂ අවධානයට පාත්‍ර වන්නකි. කාලයත් සම්‍රග හීලියම් වල විසරණ ක්‍රියාවලිය වේගවත් වන බව සොයාගෙන ඇත.

ප්‍රකාශ ගෝලයේ (Photosphere) සංයුතිය.

ප්‍රකාශ ගෝලයේ සංයුතිය, එනම් සූර්යාගේ මතුපිට ස්ථරවල සංයුතිය, ආදි සෞරග්‍රහ මණ්ඩලයේ රසායනිත සංයුතියට සමානතාවක් දක්වන බව 1968 දී සොයා ගන්නා ලදි. නමුත් ඩියුටීරිය, ලිතියම්, බොරෝන් සහ බෙරිලියම් යන මුලද්‍රව්‍ය වල සංයුතියන් මීට වඩා වෙනස් වේ.

නිහාරිකා|Nebula

නිහාරිකා යනු ;

වායු සහ දූවිලි වලින් පිරුණු වලාකුළක් අභ්‍යවකාශයේ ඇති විට එය හඳුන්වනු ලබන්නේ “නිහාරිකාවක්” ( Nebula ) යනුවෙනි. ලතින් භාෂාවෙන් නිහාරිකාවක් යනු “[මීදුම]” වේ. තැටි ආකාර මෙවැනි නිහාරිකාවක් සංකෝචනය වෙමින් [සූර්යයා] වටා තිබී ඇත. එය සූර්යය නිහාරිකාවක් ලෙසින් නම් කරනු ලබන අතර එහි සංකීර්ණ මිශ්‍රණ ලෙස p වැඩිපුර අඩංගු සිලිකේට තිබී ඇත. උෂ්ණත්වය,පීඩනය හා එහි තිබූ වායු සංයුතිය අනුව එම සූර්යය නිහාරිකාවේ විවිධ කොටස් ,විවිධ ප්‍රමාණ වලින් ඝනීභවනය වෙමින් පවතින්නට ඇත. ඒ ඝනීභවනය වූ ප්‍රමාණයන් අනුව මුලින්ම සූර්යයාත්,ඊළඟට විවිධ දුර වලින් සෙසු ග්‍රහලෝකත් හට ගෙන ඇත. මෙලෙස සූර්යය නිහාරිකාවක් ඝනීභවනය වීමෙන් අනතුරුව අපගේ සෞරග්‍රහ මණ්ඩලයේ ඇති වූ බව කියවෙන නියමයට සාක්ෂි වශයෙන් උල්කාෂ්ම වල සංයුතිය ගත හැක.

උල්කාෂ්මයක් යනු ගල් බවට වූ ද්‍රව්‍ය වන අතර, ඒවායේ කුඩා ඛනිජ කොටස් අඩංගු වේ.

මෙම උල්කාෂ්ම සෞරග්‍රහ මණ්ඩලයේ ඇති අති පැරණි පාංශු කොටස් වේ,විශ්වයේ සෞරග්‍රහ මණ්ඩලය ඇති වූ කාල සමයේදී එනම් ග්‍රහලෝක තැනිමේදී මේවාද නිර්මාණය වී ඇත. එබැවින් අද හමුවන උල්කාෂ්ම වල සංයුතිය එදා පැවති ඛනිජ හා මූල ද්‍රව්‍ය වලින් යුක්ත යැයි විශ්වාස කෙරේ.කෙල්වින් 1450-1840 අතර අධික උෂ්ණත්වයකට බඳුන්වී ඝනීභවනයට පත්වූ ටන්ස්ටන් සහ ඔස්මියම් මේවායේ අඩංගු වී ඇත.මෙහි ඇති විශේෂත්වයක් වනුයේ අඩු උෂ්ණත්වයක් යටතේ ඝනීභවනය වූ ද්‍රව්‍ය ද උල්කාෂ්මයන් වල අඩංගු වීමයි. ජලය එවැනි උල්කාෂ්ම වල බහුල ලෙස ඛනිජ ද්‍රවය හා සම්බන්ධ වී පවතී.දැන් පෘථිවිය ගැන සලකා බලන විට එහිද ජලය බහුල බැව් පෙනේ. එබැවින් සූර්යය නිහාරිකාවක් ඝනීභවනය වීමෙන් සෞරග්‍රහ මණ්ඩලය ඇතිවී යැයි සැලකෙන මතයට වැඩි පිළිගැනීමක් වර්තමාන තාරකා විද්‍යාඥයන් අතර පවතී.

Super Wood|Titanium මෙන් ශක්තිමත් සුපිරි දැව

දැව යනු වැදගත් දෙයකි. ගොඩනැගිලි ද්‍රව්‍යයක් ලෙස මෙය ඉතා වැදගත් අමුද්‍රව්‍යයක්.නමුත් මෙය Concrete,වානේ සහ මාබල් වැනි ද්‍රව්‍ය වලට වඩා ශක්තිමත් නොවේ. නමුත් එසේ හෝ දැව භාවිතා කිරීමට ලෝකය පුරුදු වී සිටියි.
නමුත් අද වන විට විද්‍යාඥයන් “සුපිරි දැව වර්ගයක්” නිර්මාණය කිරීමට සමත් වී තිබෙනවා. මෙහි ශක්තිය කොපමණ ද කිවහොත් මෙම දැව වර්ගයෙන් උණ්ඩයක් නවත්වා ගැනීමට පවා හැකි ය.

ස්වභාවය

Titanium ශක්තිය

මෙය ලෝකයේ නිර්මාණය කරන ලද පළමු දැව වර්ගය නොවේ.ඔබ නිවසේ ද නිර්මාණය කරන ලද දැව වර්ග වලට උදාහරණ ඇත. තුනී ලෑලි(plywood),fiber board සහ participle bord වැනි දැව වර්ග නිර්මාණය කර ඇත්තේ දැව වල කුඩා කොටස් එකට එකතුකර සම්පීඩනය කිරීමෙනි. එමගින් එහි ශක්තිය වැඩි කළ හැකිය. ඉහත දැව වර්ග අතුරින් ශක්තිමත්ම දැව වර්ගය තුනීලෑලි (plywood) වේ. එය නිර්මාණය කර ඇත්තේ තුනී ස්ථරවල දැව වෛරම ලම්බක කෝණවලට පිහිටන පරිදිය. මේ දැව වෛරම දිගේ එහි ශක්තිය අඩුවන බව සිතිය යුතු නැත. මන්ද සෑම ස්ථරයක් දෙපසින් ඇති ස්ථර මගින් එය තෙරපා සකස් කර ඇත.නමුත් උණ්ඩයකින් බේරීම සඳහා ply wood පිටුපස සිට ආරක්ෂා වන ලෙස අපි ඔබට යෝජනා නොකරන්නෙමු. ඒ සඳහා ඔබට “සුපිරි දැව වර්ග” භාවිතා කළ හැකිය.
මෙම නවතම “සුපිරි දැව වර්ගය” නිර්මාණය කිරීම ඉතා පහසු මෙන්ම ලාභදායි ක්‍රමයකි. මෙවැනි සෑම දෙයකම ආරම්භක කතාව රසායනික ඉසව්ව තුළ රැඳී පවතී. පළමුව අපි ගන්නා දැව කොටස sodium sulfide හා සෝඩියම් සල්ෆේට් ද්‍රාවණයක් තුළ තම්බා ගත යුතුය. මෙමගින් දැව වල ඇති lignin,hemicellulose ඉවත්වන අතර, polymer වර්ග දෙකක් සෛල බිත්ති දරදඬු කරයි තවද polymer,cellulose වර්ග දෙකක් හානි නොවී ඉතිරි වේ. මෙම ක්‍රියාවලිය කඩදාසි නිෂ්පාදනය කරන පළමු පියවරට අතිශය සමාන වේ. මෙම polymer ද ඉවත් කිරීමෙන් හෝ දුර්වල කිරීමෙන් අධික ශක්තිමත් දැව නිෂ්පාදනය කිරීමට ද හැකියාවක් ඇත.

මීළඟ පියවර වන්නේ සම්පීඩනය කිරීම ආරම්භ කිරීමයි. මේ සඳහා භාවිතා කරන ලද දැව කොටස තුළ ඇති සෛලවල සෛල බිත්ති සම්පූර්ණයෙන්ම ගැටෙන ලෙස සම්පිණ්ඩනයක් ලබාදෙමින් එහි උෂ්ණත්වය යම් ප්‍රමාණයකින් ඉහළ නැංවිය යුතු ය. එවිට සෛල බිත්ති මඟින් අවහිරව තිබූ cellulose හි හයිඩ්‍රිජන් පරමාණු අසල්වාසී හයිඩ්‍රජන් පරමාණු සමග බන්ධන සාදාගෙන ද්‍රව්‍යයේ ශක්තිය හා ඝනත්වය ඉහළ නංවා ගනී. ශක්තිය ඉහළ නංවා ගැනීම යනු මෙයට බඳුන් වූ කොටස විසි ගුණයකින් දරදඬු බවද ,දස ගුණයකින් නොබිදිය හැකි බවද ,පනස් ගුණයකින් සම්පීඩනයට ඔරොත්තු දීමේ හැකියාවෙන් ද ඉහළ නංවා ගැනීමයි.එනම් මෙය වානේ වලටත් වඩා ශක්තිමත් බවින් වැඩි ය.

අනාගතය පැහැදිලිය….

අද ලෝකයේ පහසුවෙන්ම නිෂ්පාදනය කළ හැකි ද්‍රව්‍ය වලින් විශාල දේවල් සිදු කර ඇත. ලාභදායී සහ කඩදාසි නිෂ්පාදනය මෙන් පහසු, ටයිටේනියම් මෙන් ශක්තිමත්, සැහැල්ලු මෙම සුපිරි දැව වර්ගයෙන් ද බොහෝ දේ ලෝකයට හඳුන්වා දිය හැක.ශරීරය ආරක්ෂා කිරීමට පළඳින සන්නායකයක් නිර්මාණය කිරීමට මෙය යොදාගත හැක. එය kevlar(සන්නායක නිෂ්පාදනය කිරීමට ලියා පදිංචි වෙළඳ නාමය) තරම්ම ශක්තිමත් නොවුනද විසි ගුණයකින් ලාභදායී ක්‍රමයකි. එසේම වාහන නිෂ්පාදනය කිරීමට ද යොදාගත හැක.යකඩ තැනුනු ව්‍යුහය ඔසවා ධාවනය කිරීමට වඩා සැහැල්ලු ව්‍යුහයක් ඔසවා ධාවනය කිරීමෙන් ඉන්ධන කාර්යක්ෂමතාවයෙන් ද වාසි ලබාගත හැක.
නමුත් මෙම අධික ශක්තිය හා දරදඬු බව ආරම්භයේ දී පමණක් පවතින බව පරීක්ෂණ කිහිපයකින් පෙන්වා දී තිබේ. Liangbing Hu නම් මෙම සුපිරි දැව වර්ගය පිළිබඳව පරීක්ෂණයට මූලික වූ පුද්ගලයා පවසන්නේ lignin ද යම් විදියකින් ඉවත්කර ඒ වෙනුවට methyl methacrylate නම් polymer වර්ග යොදන බව ය.එමගින් විනිවිද පෙනෙන දැව ද නිර්මාණය කළ හැකි බව ඔහුගේ විශ්වාසයයි.මේ අනුව අනාගතයේදී ඔබගේ වාහනය දැව ව්‍යුහයක් සහිත වාහනයක් පමණක් නොව දැවමය windscreen එකක් සහිත වාහනයක් ද විය හැක.

මේ ඔයා දන්න දේවල්,ඔයාගෙ අදහස් Comment එකකින් අපිට කියන්න.මේ වගේ තවත් දේවල් දැනගන්න Follow කරන්න අපිව

Posted by : Sahan Methsala(VR Team)

ඉන්දියාවත් අභ්‍යවකාශ තරණයට|Mangalyaan[ Obiter Mission]

අභ්‍යවකාශ තරණයට ලෝකයේ බලවත් රටවල් වලට තියෙන්නෙ සෑහෙන්න තියුණු තරඟයක්.මේ වෙනකම් අපිට දකින්න ලැබුණේඇමරිකාව,රුසියාව,චීනය වගේ රටවල් විතරයි.මේ වෙනවිට ඉන්දියාවටත් පුළුවන් වෙලා තියෙනවා මේ රටවල් අතරට එකතු වෙන්න . ඒගොල්ලන්ට පුලුවන් වෙලා තියනව International Space Station එකෙනුත් එහාට ගිහිල්ල හඳෙනුත් එහාට ගිහිල්ලා අඟහරු දක්වා එයාලගේ යානයක් යවන්න.

මේ Project එකේ නම තමයි Mars Orbiter Mission.කෙටියෙන් මේකට කියන්නෙ MOM කියලා.මේකට භාවිතා කරපු අභ්‍යවකාශ යානයේ නම තමයි Mangalyaan.මේක සංස්කෘත නමක්. මේකේ තේරුම තමයි අඟහරු යානය කියන එක.මේ Project එක සම්පූර්ණයෙන්ම Conduct කරේ Indian Space Research Organization එක.

2013 වසරේ නොවැම්බර් මාසය වනවිට මේ යානයට පුලුවන් වෙනවා සාර්ථකව පෘථිවි කක්ෂයට ඇතුළු වන්න.ඊට ස්සේ 2014 සැප්තැම්බර් 24 වෙනකොට මේකට පුළුවන් වෙනවා සාර්ථකව අඟහරු කක්ෂයට ඇතුළු වන්න . මෙන්න මේ විදියට තමයි ඉන්දියාව අඟහරු ග්‍රහයා දක්වා යානයක් යවපු රටක් බවට ඉතිහාසගත වෙන්නෙ.

මීට පෙර රටවල් කිහිපයක්ම අඟහරු ලොවට යානාවල් යවල තියනවා හැබැයි මේ රටවල් කිසිවකට බැරි වුණා මේ වැඩේ එකපාර කරන්න.මේ වගේ Project Fail වුණා Operational ප්‍රශ්න නිසා; ඒවාගේම Communication ප්‍රශ්න නිසා . හැබැයි ඉන්දියාවට පුළුවන් වුණා මේ වැඩේ එකපාරින් කරන්න . ඉතින් ඔයාලට හිතාගන්න පුළුවන් Indian Enginnersලා මේ වැඩේට කොච්චර මහන්සි වෙන්න ඇතිද කියල.මේකෙන් පස්සෙ ඉන්දියාවට පුළුවන් වුණා බටහිර රටවල් පුදුමයට පත් කරමින් Space Race එකේ ගොඩක් ඉස්සරහට එන්න.

මේ ගොල්ලෝ හොයන්න හදන්නෙ අඟහරු වල ජීවය තියනවද කියල . මෙයාලා මේක හොයන්න ලෑස්ති වෙන්නෙ වායුගෝලයේ Methane වායුව තියනවද කියල බලලා . පෘථිවි වායුගෝලයේ තිබෙන Methane වලින් 95% ක්ම නිපදවන්නෙ විවිධ ජීවීන් විසින්.ඉතින් අඟහරු ලෝකයේ වායුගෝලයෙන් Methane හොයාගන්න පුළුවන් වුනොත් ඒක අඟහරු මත ජීවය තියනව කියන්න සෑහෙන්න ප්‍රභල සාක්ෂියක් වෙනවා.මේක කොච්චර ලොකු Project එකක් වුවත් මේකට වියදම් වෙලා තියෙන්නේ සෑහෙන්න අඩු මුදලක්.මීට සමාන Project එකක් Nasa ආයතනයෙන් කරා Mevan කියලා.මේ Project එකට US Dollars මිලියන 600ක් විතර ගියා.ඔයා Gravity Movie එක බලල ඇති.එඒකටත් US Dollars මිලියන 100ක් විතර ගියා . හැබැයි ඉන්දියාව මේ Project එකට වියදම් කරල තියෙන්නෙ US Dollars මිලියන 74ක් විතරයි.

ඒවගේම Indian Space Research Organization එකේAnnual Budget එක US Dollars බිලියන 1.2ක් විතරයි.Nasa ආයතනයේ Annual Budget එක Dollarsබිලියන 17.5ක්.ඔයාලට හිතාගන්න පුළුවන් කොච්චර ලොකු වෙනසක් මෙතන තියනවද කියල.මේ වගේ අඩු මුදලකින් වැඩ කරන්න Indian scientistsලා ගොඩාක් ලොකු උපක්‍රම භාවිතා කරල තියෙනවා.ඒවගේම එයාලට භාවිතා කරන්න පුළුවන් වෙන්න ඇති ඉන්දියාවේ තියෙන Cheap lables.

මේ වෙනකොට Mangalyaan යානය තියෙන්නේ අඟහරු වටේ ඉලිප්සාකාර කක්ෂයක.මේකෙ සම්පූර්ණ වටයක් යන්න මේකට පැය 72ක් ගත වෙනව.ඒවගේම අඟහරුට කිට්ටුම තැනට ආවම යානය හා ග්‍රහලොව අතර දුර 365km.දුරම තැනට ගියාම දුර 80000km වෙනව.මේකෙන් ඡායාරූපය ගන්න එක දැනටමත් ආරම්භ කරල තියෙනවා.මේ Project එක ඊලඟ මාස6-10 අතර කාලයක් කරගෙන යන්න මේඅය තීරණය කරල තියෙනවා.

3 වන ලෝකයේ දුප්පත් රටක් වෙන ඉන්දියාවට හැකි වෙලා තියෙනවා මේවගේ සාර්ථක Space Project එකක් කරල සාර්ථක තාක්ෂණය භාවිතා කරල බටහිර රටවල් පුදුමයට පත් කිරීමට.අපිට ඉදිරියටත් ඉන්දියාවෙන් මේ වගේ Project ගැන අහන්න ලැබෙයි.

මේ දේවල් ගැන ඔයත් ගොඩක් දන්නවා ඇති.ඒ හැම දෙයක්ම අපි කතා කරමු පහල තියන Comment Section එකෙන්.

මේ ගැන TechTrack Show Video එක බලන්න.

Posted by : VR Team|Source : TechTrack

Give us your support to make this better