අඟහරුට ගිහින් බබාලා හදන්න පළුවන් වෙයිද ?😮

ඔයාලා හැමෝම දරු ප්රසූතියක් අඩුම තරමේ film එකක හරි දැකල ඇතිනෙ….ඒක විනෝදාත්මක අවස්තාවක් නෙවෙයිනෙ(උදෑසන රෝගී ගතිය , කකුල් ඉදිමීම ,gulp,වගේ ලක්ශන…)

කොහොම වුනත් අඟහරු මත දරුවා ලැබනව නම්? අපේ DNA නැවත සකස් කිරීමක් නොකර නම්, එය කල නොහැක්කක් වෙන්න පුලුවන්. මේ ප්රවෘත්තිය අනාගත තාක්ශනය ගැන පරීක්ෂණ කරන පෝලන්තයේ තොරතුරු තාක්ෂණ හා කළමනාකරණ විශ්ව විද්යාලයේ පර්යේෂකයින් විසින් ෆියුචර්ස් හි ප්රකාශයට පත් කරපු එකක්.

ඉතින් අපි දැන් බලමු රතු ග්රහයා මතදී ප්රජනනය සම්බන්ධයෙන් මතුවෙන ප්රධාන ගැටලු දෙක….

විකිරණ –

අඟහරුගේ වායුගෝලය ගොඩක් තුනීව පැවතීම නිසා කොස්මික් කිරණවලින් ඒ මතුපිට ඉන්න ඕනෑම මනුෂ්යයෙකුට තර්ජනයක් ඇති වෙන්න පුලුවන්, ඕනෑම මානව කලලයකටත් මේ කරුන වලංගුයි. . පර්යේෂකයන් කියන විදිහට මේක භ්රෑණ වර්ධනය වීමේදී ඇති වෙන ලොකු ගැටළුවක් විදිහට පෙන්වා දෙන්න පුලුවන්..ඒ වගේම අඟහරු පදිංචිකරුවන් අඟහරු වෙත යන ගමනේදී කොස්මික් විකිරණවලට වැඩි වශයෙන් නිරාවරනය වීම නිසා ඔවුන්ගේ ප්රජනක හැකියාවට බාධා ඇති වන අයුරින් රෝගී තත්වද ඇති වෙන්න පුලුවන් . “විකිරණ වැඩිහිටියන්ට විශේෂයෙන් ප්රජනන සෛල බිහි කිරීම, කළල විකසනය හා භ්රෑනයට අවදානම්කාරී ලෙස බලපානව කියල සැලකෙනව වගේම ඒක තවමත් ගගනගාමීන් සඳහා ප්රධාන සෞඛ්ය අවධානමක් ලෙස සැලකේ” කියල පර්යේෂකයන් ප්රකාශ කරල තියෙනව .

ක්ෂුද්රජීවීත්වය –

සංචාරය අතරතුරදී සහ රතු ග්රහයා මත එක් වරක් හෝ ක්ෂුද්ර ජීවීන්ට නිරාවරණය වීම තවත් කරදරයක්.
අස්ථි හානිය අක්ෂි හා අක්ෂිවල ඇති තරල මට්ටම්වලට බලපානවා.

අභ්යාවකාශ ගමන් ආශ්රිත අනෙකුත් විභව සෞඛ්ය ගැටළු ගණනාවක් තමයි ;

ප්රතිශක්තිකාරක, ස්නායු පද්ධතියේ වෙනස්කම්, ශ්රවන ආබාධ – මේ වගේ කරුනු නිසා මිනිස් සිරුර අඟහරු මත ප්රජනනය සඳහා නුසුදුසු තත්වයක තියෙනවා….

ඉතිං මේ පරීක්ෂණ කරපු විද්යාඥයින් මේ අපහසුතාවයන් මගහරින්න CRISPER ක්රම්යෙන් ජානමය ලෙස අලුත් මිනිසුන් නිර්මානය කිරීමට තියෙන හැකියාව ගැන සඳහන් කරල තියෙනව.ඒත් එතකොට මිනිසුන්ට ආයෙත් අලුතින්ම ඇති වෙන අචාර ධර්ම කොටසක් එක්ක සටන් කරන්න සිද්ධ වෙයි…

ඉතිං තාමත් අඟහරු මත ප්රජනනය සිදු කරන උත්සහ කරනව කියන කාරණය අද හෙට සාර්ථක වෙන්නෙ නැති වයි.ඒත් අපිට තව ලොකු කාලයක් තියෙනවා.කොහොම වුණත් අපේ ලෝකයෙන් පිටතදි වර්ගයා බෝ කීරීමක සිදු කලොත් ඇති වෙන බලපෑම් ගැන ලොකු අවධානයක් යොමු කරන්න ඕන

පිරිමි සහ ගැහැණු ප්රජනක සෛල නිපදවීමට, ගර්භනීකරණය හා බෙදාහැරීමේ ක්රියාවලියේදී ඇතිවන ගුරුත්වාකර්ෂණ බලපෑම් පිළිබඳ අධ්යයනයන් සඳහා තියෙන අවශ්යතාවයත් ඒ අය පෙන්වා දෙනවා. රතු ග්රහයා වෙනුවට චන්ද්රයා හෝ අභ්යවකාශ නැවතුම් මධ්යස්ථානය මත මානව ප්රජනනය සිදු කිරීම සම්බන්දයෙනුත් මිනිසුන් තාම අසාර්ථකයි

ඉතිං අඟහරු මත ජනාවාසකරණය ගැන සලකද්දි මතුවෙන ගැටලු වලින් එකක් තමයි මේක….බොහෝදුරට යථා කාලයේදී විද්යාඥයින් මේ ප්‍රශ්නෙටත් විසඳුමක් හොයාගනියි….

ඩයිනසෝර් අම්මලා ඩෝනට් එකක හැඩේට කූඩුව හැදුවෙ ඇයි කියලා දන්නවද ?

ඩයිනසෝර් අම්මලා තමන්ගෙ බිත්තර ඩෝනට් එකක හැඩේට තියන් රැක්කෙ ඇයි ?

ඩයිනොසෝර්ලා,ඒ කිව්වෙ මහපොලොවෙ හිටිය දැවැන්තයො බිත්තර රකින කාලෙදි ඒ බිත්තර ආරක්ෂා කරගන්න තමන්ගෙ කූඩු විශේෂ විදියකට නිර්මාණය කරගෙන තියෙනවා.ඒ ගැන තමා අද කියන්නෙ.කිවගෙන ඔහොම යමු පහාලටම📑

කාලයක් තිස්සෙ පරිණාමනය වෙලා දැන් අපි දකින නවීන පක්ශියො වැඩි කොටසක් තමන්ගෙ කූඩු හදාගන්නෙ උඩින් විවෘතව තියෙන විදියට.එයාලා බිත්තර රකින්නෙ ඒ බිත්තර උඩ ඉඳගෙන , අත්තටු වලින් වහගෙන.එහෙම කරන්නෙ බිත්රයක් බීජෞෂණය වෙන්න ඕන ප්‍රශස්ත(සුදුසුම)උෂ්ණත්වය බිත්තර වලට දෙන්න.විද්යාඥයො පරීක්ෂණ කරලා තියෙනවා මේ නවීන පක්ෂීන්(කුරුල්ලො) කරන විදියට ඩයිනසෝර්ලටත් බිත්තර රකින්න පුලුවන් වුණාද කියන එක.

ජපානයෙ නගෝයා විශ්වවිද්‍යාල කෞතුකාගාරයේ කොහෙයි ටනාකා(Kohei Tanaka),එයාගෙ සඟයොත් එක්ක අධ්‍යයනය කරලා තියෙනවා ග්‍රහණයෙන් මිදිලා ෆොසිලභවනය වුණු Oviraptorosaurs(ඔවීරටොරොසෝර්) බිත්තර 40 ක්.ඔවිරටොරසෝර් කියන්නෙ අත්තටු තිබුණු,කකුල් දෙකකින් ගමන් කරපු ඩයිනසෝර් විශේෂයක්.මේ අය 40 kg – 1600 kg විශාලත්වයක් ගන්න ඇති කියලා ෆොසිල විද්යඥයො අනුමාන කරනවා.මේ ෆොසිලභවනය වුණු බිත්තර කටු විශ්ලේෂණය කරලා මේ කණ්ඩායම නිගමනය කරලා තියෙනවා ඔවිරටොරසෝර් හදලා
තියෙන්නෙ විවෘත කූඩු කියලා.

විශාල(ශරීරයෙන් විශාල) සත්තු විශේෂ බොහෝමයක් වෙලාවට දාලා තියෙන්නෙ තුනී, දුර්වල කටුවක් තියෙන බිත්තර.මේ අස්ථාවර බව නිසා ගොඩක් සත්තුන්ට වන්දි ගෙවන්න වෙලා තියෙන බවනම් පැහැදිලියි.ඒ වගේම තමන්ගෙ වටේට, රවුමට බිත්තර තියාගෙන රකින මේ දැවැන්තයන්ට තිබුණු ප්‍රභලම තර්ජනය තමයි තමන්ගෙම අති විශාල ශරීරයයි, විශාල බරයි.මේ බර නිසා කොහොමටවත් ඩයිනසෝර්ලට බිත්තර උඩ ඉඳගෙන ඒවා රකින්න (බීජෞෂණය) කරන්න බෑ කියලා තේරෙනවනෙ.අන්න ඒ නිසා තමයි මෙයාලා කෑල්ලක් කාපු ඩෝනට් එකක හැඩේට තමන්ගෙ කූඩු හදාගත්තෙ.ඒ කිව්වෙ වටේට රවුමට බිත්තර තියලා ඉස්සරහින් ලොකු හිස් කොටසක් තිව්වා දොර විදියට.ඩයිනසෝර් අම්මලා මේ රවුම මැදට ගිහින් එයාලගෙ ලොකු අත්තටු වලින් බිත්තර වහගෙන ඒවට ඕන කරන උනුසුම දුන්නා කියලා තමයි මේ Kohei Tanaka යි එයාගෙ යාලුවො කට්ටයයි කියන්නෙ.

මේ ගැන ඔයාලා දන්න තවත් දේවල් ඇති.ඒ දේවල් Comment කරගෙන යන්න.අනික් අයට උදව්වක් වෙයි ඒක

  • මූලාශ්‍රය : nature.com
  • Credits for the first Article :Masato Hattori

කෙනෙක්ගෙ මතකයක් තවත් කෙනෙක්ට Copy කරන දවස වැඩි ඈතක නෙවෙයි 👀

විද්යාඥයො පිරිසක් මතකයන් එක් ගොලුබෙල්ලෙකුගෙන් තවත් එකෙකුට හුවමාරු කරපු කතාවක් ආරංචි වුණා.සමහරවිට දවසක මේක මිනිසුන්ට කරන්නත් විදියක් ඒ අය හොයාගනියි.එහෙම වුනොත් කරන්න පුළුවන් එක එක විදියෙ දේවල් හිතන අතරෙ මට මේක ලියන්න හිතුණා.

මේ විද්යාඥයො කටටිය මුහුදු ගොළුබෙල්ලො 20,000 කගේ විතර තියෙන නියුරෝන මිනිස්සු බිලියන 100 දෙනෙකුටත් වඩා පිරිසක් එක්ක සංසන්දනය කරළා තියෙනවා.බොහොමයක් විද්යාඥයො කාලයක් තිස්සේ මුහුදු මත්ස්යයන් ගැන අධ්‍යයනය කරමින් ඉන්නෙ,මේ ජිවීන් ඉගෙනගන්න විදිය ගැන පවා විද්යාඥයො ගොඩක් දේවල් දන්නවා.සාගර ජීවීන්ගෙන් වැඩි කොටසක් ක්ෂීරපායින්.ඒ කියන්නෙ කිරි බී වැඩෙන අය.මුහුදේ ජීවත් වෙන සත්තුන්ගෙන් වෙන කිසිම ජීවියෙක්ගෙ දකින්න නැති විශේෂ ලක්ශනයක් මුහුදු ගොළුබෙල්ලන්ට තියෙනවා.ඒ තමා ඒ ගොළුබෙල්ලන්ගෙ ස්නායු ආවේග හුවමාරුව.ඒ සත්තුන්ගෙ ස්නායු ආවේග හුවමාරුව අපේ ස්නායු ආවේග හුවමරුවට ගොඩක් දුරට සමානව තමා සිද්ධ වෙන්නෙ.

ඉතිං ඒ නිසා මුහුදු ගොලුබෙල්ලො අතර මතකයන් හුවමාරු කරා වගේම මිනිසුන් අතරත් මතකයන් හුවමාරු කරන එක ගැන අපට බලපොරොත්තුවක් තියා ගන්න පුලුවන්…😋

The journal eNEURO කියන සඟරාවෙ තියෙන විදියට පරීක්ෂණ වලදී මේ අය ගොලුබෙල්ලන්ගේ නැට්ටට කම්පනයක් ලබා දීලා තියෙනවා(මේක හානියක් නොවෙන විදියට කරලා තියෙන්නෙ)ඒකෙදි උන් තත්පර කීපයක රැලි ගැසීමේ ප්‍රතිචාරයක් ලබා දීලා තියෙනවා.මේක නැවත නැවත් කරද්දි ඒ ප්‍රතිචාරය තත්පර 50 ක විතර කාලයක් වෙනකල් වැඩි කර ගන්න පුලුවන් වෙලා තියෙනවා.

ඊළඟට,මේ විද්යාඥයො කණ්ඩායම පුහුණු කරන ලද ගොළුබෙල්ලන්ගේ ඉහළ උදරයේ ස්නායු පටකයේ තියෙන සෛල වල DNA මත පදනම් වෙච්ච රයිබෝනියුක්ලෙයික් අම්ල(RNA-Ribo Nucleic Acid) කිහිපයක් අරගෙන,නුපුහුණු ගොළුබෙල්ලන්ගෙ ස්රාවීකරණ පද්ධතියට ඇතුල් වෙන විදියට උන්ට එන්නත් කරලා තියෙනවා.ඊටපස්සෙ ගොලුබෙල්ලන්ට කම්පනයක් ලබා දුන්නම,RNA එන්නත් නොකරපු ගොළුබෙල්ලන් තත්පර කීපයක් විතරක් ඒ ඉරියව්වෙන් ඉඳලා තියෙනවා පුහුණුවක් නොබලපු ගොළුබෙල්ලන් හැමෝම සාමාන්‍යයෙන් කරන විදියට.ඒත් පුහුණුව ලබපු ගොළුබෙල්ලන්ගෙන් ගත්ත RNA එන්නත් කරපු අය තත්පර 40 ක් තිස්සේ උන්ගෙ ඉරියව්ව තියන් ඉඳලා.මීට කලින් අත්දැකීම් නැති දෙයක් වුණත් මේ උත්තේජයට(නැට්ටට කම්පනයක් ඇති වීම)ප්‍රතිචාර දක්වන්නෙ කොහොමද කියලා මේ ගොලුබෙල්ලො මතක් කරලා තියෙනවා.ඉතින් පුහුණු කරපු ගොළුබෙල්ලන්ගෙ ඒ පුහුණුව ගැන තියෙන මතක පුහුණු නොකරපු ගොලුබෙල්ලන්ට ලැබුන නිසා තමයි ඒ පුහුණු නොකරපු ගොලුබෙල්ලො තත්පර 40 ක් විතර අදාල ප්‍රතිචාරය පෙන්නුවෙ.

දීර්ඝ කාලයක් තිස්සෙ තියෙන විද්යාත්මක විවාදයක් පැහැදිලි කරන්න සඳහා මේක විශාල සාක්ශියකි.සමහර පර්යේෂකයන්ගෙ අදහස; මතක ශක්තිය ගබඩා කරලා තියෙන්නෙ ස්නායු සෛල අතර අවකාශයෙ කියලා.තවත් පිරිසක් නියුරෝන වල න්‍යෂ්ටි තුළ මතකයන් ගබඩා කරලා තියෙනවා කියලා කියනවා.ලේඛකයෙකු වන ඩේවිඩ් ග්ලැන්ස්මන් BBCයට කියලා තියෙනවා, “මතක ශක්තිය අපේ ස්නායු සෛල අතර අවකාශයේ ගබඩා කරළා තිබුනනම්, අපේ අත්හදා බැලීම් සාර්ථක වෙන්න කිසිම ඉඩක් නැ.”කියලා.

ඕක තමා කතාව.තව චූටි දේවල් ටිකක් කියන්නම්.මිනිසාට,ඒ කයන්නෙ අපිට තියෙන මතකය ආශ්‍රිත රෝගාබාධවලට ප්‍රතිකාර කරන්නනම් ඒකට මුලින්ම අපේ මොළය මතකය ගඩඩා කරන්නෙ කොහෙද,කොහොමද කියන දේ අපි තේරුම් ගන්න ඕන.UCLA කණ්ඩායම කියන විදිහට,”මේ අධ්‍යයනයන් වලින් මතකයන් වෙනස් කිරීම, වැඩි දියුණු කිරීම හෝ අත්හැර දැමීමට හැකියාව තයෙනවා”.මේකෙන් Alzheimer’s රෝගයේ මුල් අවධියේදී මිනිසුන්ගේ මතකයෙන් අහිමි වුණු දේවල් නැවත ලබාදෙන්න නව ක්‍රම ඇති විය පුලුවන්.පශ්චාත්-කම්පිත මානසික ආතතිය (PTSD) සඳහා නවීන ප්‍රතිකාර රටා හොයා ගන්නත් පුලුවන් වෙයි.

කොහොම වුණත් මේ හැම සොයා ගැනීමක්ම සිද්ධ කෙරුණේ ගොලුබෙල්ලන් සම්බන්ධව.ඒවගේම මේකෙන් මතකය ගබඩා වෙලා තියෙන්නෙ කොහෙද කියන ප්‍රශ්නෙට හරියටම පිලිතුරක් ලැබෙන්නෙත් නෑ.ඒවගේම මේ ක්‍රමය මිනිසුන්ට සාර්ථක වෙයිද කියන්නත් බෑ..

ඉතිං අපි තාමත් RNA කොටසක් ගෙලට එන්නත් කරල කරාතේ කලු පටි කාරයෙක් හරි සුපිරි Gamer කෙනෙක් හරි වෙන්න තියෙන හැකියාවන්ට ගොඩක් දුරින් ඉන්නෙ..😝 ඒ වුනත් ඒකට එක පියවරක් හරි ලං වෙන්න පුලුවන් වෙලා තියෙනවා මේ නැට්ට කම්පනය කරපු ගොලුබෙල්ලන්ට ස්තූති වෙන්න.

මේ ගැන ඔයාලා දන්න දේවල් තව ඇති.ඒ දේවල් Comment කරන්න.එතකොට අනිත් අයටත් ඒ දේවල් දැනගන්න පුලුවන්.මේ වගේ තව රස කතා කියවන්න කැමතිනම් Follow කරන්න මේ Blog එක.අන්තිමට කියන්න තියෙන්නෙ අමාරුවෙන් මේක කියෙව්වට Thank you !😛

Special Credits : UD