සඳ මත පා තබපු තවත් ගගන ගාමියෙක් අපෙන් සදහටම සමු අරන්

මුලින්ම සඳ මත පා තබපු ඇපලෝ 12 යානයේ ගිය පිරිසෙන්, හතර වෙනියට සඳ මතට ගොඩවුණු ගගනගාමියා වෙන Alan Bean මීට දින කීපයකට කලින් නැති වුණා.මේ වෙද්දි ඇලන්ගෙ වයස අවු:86 ක් වුණා.

  • ඉපදුනේ : 1932 මාර්තු 15
  • නැති වුණේ : 2018 මැයි 26

Post එකක් නෙවෙයි News එකක්.තරු වලට ආදරේ කරන අය මේ ගැන දැනගන්න ඕන නිසා දැම්මෙ.

පෘථිවි චුම්භක ක්ෂේත්‍රය බටහිර පැත්තට ලිස්සලා යනවලු | අපිට ප්‍රශ්න ගොඩකට මූණ දෙන්න වෙයි

අපි හැමෝම දන්න දෙයක් තමා පෘථිවිය වටා චුම්භක ක්ෂේත්‍රයක් තියෙනවා කියන සිද්ධිය…විද්යාඥයො අවුරුදු 400ක් තිස්සේ මේ ගැන පර්යේශන පවත්වනවා.මේ දත්ත වලට අනුව දැන් හොයාගෙන තියෙනවා මේ චුම්භක ක්ෂේත්‍රය බටහිර පැත්තට ලිස්සලා යනවා කියලා. විද්‍යාඥයො උපකල්පනය කරනවා පෘථිවියේ පිටත හරයෙ තියෙන අද්භූත තරංග විශේෂයක් නිසා මේ ලිස්සායෑම සිද්ධ වෙනවා කියලා.

මේ තරංග විශේෂය රොස්බි තරංග කියල හඳුන්වනව.මේ තරංග විෂේශය භ්රමණය වෙන තරල වලින් ඇති වෙනව කියල තමයි කියන්නෙ.මේ රොස්බි තරංග පෘථිවියේ සාගර වල, වායුගෝලයේ වගේම බ්‍රහස්පති සහ සූර්යයා වගේ විශාල භ්‍රමණය වන වස්තු වල දක්නට ලැබෙනවා

පෘථිවි පිටත හරය තුල තියෙන ද්‍රව යකඩ වල භ්‍රමණය පෘථිවියේ චුමභක ක්ෂේත්‍රයට ඇතිවෙන්න හේතු වෙලා තියෙනවා. මේ චුම්භක ක්ෂේත්‍රය සූර්යයාගෙන් එන අහිතකර කිරණ වලින් පෘථිවිය ආරක්ශා කරනවා… මේ ක්ෂේශත්රය තිබුනේ නැති නම් පෘථිවි වායු ගෝලය සම්පූර්ණයෙන්ම නැති වෙලා යන්න පුළුවන් ..

පෘථිව් හරය ඔස්සේ පැතිරෙන මේ රොස්බි තරංග වලින් පෘථිවි චුම්භක ක්ශේතයේ සමහර රහස් විසඳගන්න පුලුවන් බව විද්යාඥයො හිතනවා.පහුගිය සියවස් හතර පුරාවට විද්යාඥයන් විසින් භූ චුම්භකත්වයේ ඇල වීම මැනලා තියෙනවා.ඒ කියන්නේ සැබෑ උතුර සහ හා මාලිමා කටුවේ තුඩ යොමු වෙලා තියෙන උතුර අතර වෙනසට හේතුව මේකෙන් පැහදිලි කරන්න පුලුවන් වෙයි කියල විද්යාඥයො විශ්වාසය කරනවා.

පෘථිවි ඉතිහාසය පුරාවටම චුම්බක ක්ෂේත්රයේ උතුර , දකුණ පැති මාරු වෙලා තියෙනවා.මේක එච්චරම ගැටළුකාරී තත්වයක් නෙවෙයි.මේ වගේ උතුර , දකුණ මාරු වෙන්න අව්රුදු 10,000 ක් විතර ගත වෙනවා කියලා තමයි විද්යාඥයො කියන්නෙ.මේ ක්‍රියාවලිය අතරමැදදි ධ්‍රැව අතර චුමභක ක්ෂේත්‍රයේ දුර්වලවීමක් සිද්ධ වෙන්න පුලුවන්.

පෘථිවි චුම්භක ක්ෂේත්‍රය දුර්වල වුණොත් අහිතකර සූර්ය අංශු විශාල ප්‍රමාණයක් පෘථිවියට ඇතුල් වෙනවා.මේ අහිතකර සූර්ය අංශු වලින් විදුලි පද්ධති වලට බාධා කරන්න පුලුවන්.ඒ වගේම චුම්භක ක්ෂේත්‍රය දුර්වල වීම නාවික කටයුතු සම්බන්ධ ගැටළු රාශියක් ඇති කරන්න හේතු වෙනවා. කොහොම වුණත්, විද්යාඥයො සහතික කරලම මේ ගැන අදහසක් තාම ප්‍රකාශ කරල නම් නැහැ…සමහරවිට මේක අපේ චුම්භක ක්ෂේත්‍රයෙ සාමාන්‍යය හැසිරීමක් වෙන්නත් පුලුවන්.

ඔයාලා මේ ගැන මීට වඩා විස්තර දන්නවා ඇති.ඒ දේවල් අපිට පුලුවන් Comment Section එකේ කතා කරන්න.

Credit : UD

2020 Mars Mission එකේදි Curosity Rover එකත් එක්ක Autonomous Helicopter එකක් ?

2020 ජූලි මාසෙ NASA එක රතු ග්‍රහයා,එහෙම නැත්නම් අඟහරු බලන්න යන Mission එක ගැන ඔයාලා දන්නවා ඇතිනෙ.හැබැයි ඔයාලා දැනට දන්නෙ ඒකට යන්නෙ Curiosity Rover එක විතරක් කියලා.NASA එකෙන් Announce කරලා තියෙනවා කියුරියෝසිටි රෝවර් එකත් එක්ක ස්වයං පාලක(Autonomous) Helicopter එකකුත් අඟහරුට යනවා කියලා.Helicopter එක අඟහරුට යවන්නෙ කියුරියෝසිටි රෝවර් එකේ යටි පැත්තෙ හයි කරලා.මෙයාලා අඟහරු මතට ගොඩබැස්සට පස්සෙ රෝවර් එකෙන් හෙලිකොප්ටර් එක වෙන් කරනවා.එතන ඉඳලා Helicopter එක පෘථිවියෙන් යවන සංඥා වලට අනුව පාලනය කෙරෙනවා.ඒත් පෘථිවියේ ඉඳලා යවන මේ Signals අඟහරුට යන්න විනාඩි කීපයක් ගත වෙනවා.මේකට හේතුව දුර.ඉතින් මේ නිසා Helicopter එකට Autonomous,ඒ කිව්වෙ ස්වයං පාලක හැකියාවක් එකතු කරලා තමයි නිර්මාණය කරලා තියෙන්නෙ.මේ නිසා පෘථිවියෙ ඉඳලා සජීවීව මේක කව්රුත් Control කරන්න ඕන වෙන්නෙ නෑ.

NASA එක Plan කරලා තියෙන්නෙ මේ 2020 Marse Mission එකේ දවස් 30 ඇතුලත Mars Helicopter එකේ පියාසැරි වාර 5 ක් කරන්න.මේ එක පියාසැරි වාරයක් තත්පර 90 කට විතර සීමා කරලා තියෙනවා.
කෙටි කාලයක් ඇතුලත විශාල භූමි ප්‍රමාණයක් ආවරණය කරන්න මේ Helicopter එක ගොඩක් හොඳ ක්‍රමයක් කියලා NASA ඉන්ජිනේරුවෙක් වෙන Bobak Ferdowsi Twitter හරහා කියලා තියෙනවා.

අඟහරු ගැන ටිකක් විස්තර දන්න කෙනෙක්ට මේ වෙද්දි ප්‍රශ්න ගොඩක් ඇති.ඔයා දැන් හිතනවා අපේ පෘථිවියේ වායු ගෝලයට වඩා ගොඩක් තුනී,ඝනත්වයෙන් අඩු වායු ගෝලයක් තියෙන අඟහරුට Helicopter එකක් හරියයිද කියලා.NASA ඉන්ජිනේරුවො මේ ගැන හිතලා අපි දකින සාමාන්‍ය Helicopter එකකට වඩා පොඩි වෙනස් කම් ටිකක් කරලා තියෙනවා.මේ Helicopter එකේ Main Body එකේ Size එක Softball එකක් තරම්.ඒවගේම මේකට භ්‍රමණ පෙති (Rotating-Blades) දෙකක් තියෙනවා.විශේෂම දේ මේ Blades කැරගෙන වේගෙ පෘථිවියේ තියෙන Helicopter එකක පෙති කැරකෙන වේගෙ වගේ 10 ගුණයක්.ඒ කියන්නෙ විනාඩියට වට 3000 ක්.

හොඳම දේ.වෙනත් ග්‍රහලෝකෙකට යවන පලවෙනි Helicopter එක මේ Marse Helicopter එක.

මේ ගැන ඔයාලත් තව ගොඩක් දේවල් දන්නවා ඇති.ඒ දේවල් අපිට කතා කරන්න පුළුවන් පල්ලෙහා තියෙන Comment Section එකේ.

මේ වගේ අලුත් විස්තර හැමදාම දැනගන්න Follow කරලා Set වෙන්න 360 Dimensions අපේ Blog එකත් එක්ක.