Blogpost

තනියෙන් පුනර්ස්ථාපනය වෙන්න පුලුවන් රොබෝ හම

විද්‍යඥයො පිරිසක් හොයාගෙන තියෙනවා තනියෙන් අලුත් වැඩියා කරගන්න පුලුවන් විදියෙ ද්‍රව්‍යයක්.මේ කතාව ඒ ගැන

බොහෝමයක් සාම්ප්රදායික Android වර්ගයේ උපකරණ තරමක් තදයි.මේ නිසා හානි කිරීමට සහ අලුත්වැඩියා කිරීමට අපහසුයිනේ.කොහොමවුනත් , විද්යාඥයො බලාපොරොත්තු වෙනවා ඒවාට සියුම් ආවරනයක් ලබා දෙන්න.ඒකෙන් මේ උපකරණ වල නම්යශීලී බවක් ලැබෙනවා වගේම , මේ උපකරණ වල යන දිගුකාලීන ව්යාපාර වියදම් අඩු කර ගත හැකි වෙනවා.ඒත් ඒවා කපන්න සහ සිදුරු කරන්න තවමත් බැරි වෙලා තියෙනවා. මේ ගැටලුවලට තියෙන සමහර විසඳුම් වල දියුණුවක් අපිට දකින්න පුලුවන්.
Carnegie Mellon University එකේ පර්යේෂකයන් පිරිසක් මතුපිට හානි හා විද්යුත් පරිපථවලට සිද්ධ වන හානි මග හරවා ගන්න විදියක් හොයාගෙන තියෙනව. කලින් උත්සාහයන් වලදි වගේම මේකටත් යම් විදියක බහුඅවයවික ආකාරයක් සම්බන්ධයි. නම්යශීලී වගේම හානිවීම් වලට පරතිරෝධයක් දක්වන ද්රව්යයක් නිර්මාණය කර්න්න කර්මෙල් මජිඩි සහ ඔහුගේ කණ්ඩායම අන්වීක්ෂීය ගැලියම්-ඉන්ඩියම් බිඳිති සහිත මිශ්ර ලෝහ මෘදු, ඉලාස්ටෝමෙටොක් ෂෙල් බවට පත් කරල තියෙනව….

මැජිඩි කියන විදිහට මේ සංයුක්ත ද්රව්යේ තියෙන විශේෂත්වය තමයි ස්නායු පද්ධතිය වගේ පපුනස්ථාපනය වීමට තියෙන හැකියාවක් සහිත වීම. නමුත් සම්පූර්ණයෙන් වගේ neuroplasticity හැකියාව දරන්නේ නැහැ ලෝහ-ඉලාස්ටෝමෝරේට පරිගණකය හා විදුලි ආවරණ ආරක්ෂා කිරීම සඳහා ප්රයෝජනවත් විය හැකි වුනත් යාන්ත්රික හෝ ව්යුහමය හානි සඳහා ඒවගේ ආරක්ෂාවක් අපිට බලාපොරොත්තු වෙන්න බැහැ. අන්තිම ඉලක්කය තමයි රොබෝවරු, විදුලි හා ව්යුහාත්මක දුර්වලතාවන් සහ කාලගුණික විපර්යාසය සඳහා දක්වන දුර්වලතාවයන් මග හරවා ගන්න උපකාරී වන ද්රව්යයක් නිර්මාණය කිරීම.

Click here to read source Article (in English)

සඳ මත පා තබපු තවත් ගගන ගාමියෙක් අපෙන් සදහටම සමු අරන්

මුලින්ම සඳ මත පා තබපු ඇපලෝ 12 යානයේ ගිය පිරිසෙන්, හතර වෙනියට සඳ මතට ගොඩවුණු ගගනගාමියා වෙන Alan Bean මීට දින කීපයකට කලින් නැති වුණා.මේ වෙද්දි ඇලන්ගෙ වයස අවු:86 ක් වුණා.

  • ඉපදුනේ : 1932 මාර්තු 15
  • නැති වුණේ : 2018 මැයි 26

Post එකක් නෙවෙයි News එකක්.තරු වලට ආදරේ කරන අය මේ ගැන දැනගන්න ඕන නිසා දැම්මෙ.

අඟහරුට ගිහින් බබාලා හදන්න පළුවන් වෙයිද ?😮

ඔයාලා හැමෝම දරු ප්රසූතියක් අඩුම තරමේ film එකක හරි දැකල ඇතිනෙ….ඒක විනෝදාත්මක අවස්තාවක් නෙවෙයිනෙ(උදෑසන රෝගී ගතිය , කකුල් ඉදිමීම ,gulp,වගේ ලක්ශන…)

කොහොම වුනත් අඟහරු මත දරුවා ලැබනව නම්? අපේ DNA නැවත සකස් කිරීමක් නොකර නම්, එය කල නොහැක්කක් වෙන්න පුලුවන්. මේ ප්රවෘත්තිය අනාගත තාක්ශනය ගැන පරීක්ෂණ කරන පෝලන්තයේ තොරතුරු තාක්ෂණ හා කළමනාකරණ විශ්ව විද්යාලයේ පර්යේෂකයින් විසින් ෆියුචර්ස් හි ප්රකාශයට පත් කරපු එකක්.

ඉතින් අපි දැන් බලමු රතු ග්රහයා මතදී ප්රජනනය සම්බන්ධයෙන් මතුවෙන ප්රධාන ගැටලු දෙක….

විකිරණ –

අඟහරුගේ වායුගෝලය ගොඩක් තුනීව පැවතීම නිසා කොස්මික් කිරණවලින් ඒ මතුපිට ඉන්න ඕනෑම මනුෂ්යයෙකුට තර්ජනයක් ඇති වෙන්න පුලුවන්, ඕනෑම මානව කලලයකටත් මේ කරුන වලංගුයි. . පර්යේෂකයන් කියන විදිහට මේක භ්රෑණ වර්ධනය වීමේදී ඇති වෙන ලොකු ගැටළුවක් විදිහට පෙන්වා දෙන්න පුලුවන්..ඒ වගේම අඟහරු පදිංචිකරුවන් අඟහරු වෙත යන ගමනේදී කොස්මික් විකිරණවලට වැඩි වශයෙන් නිරාවරනය වීම නිසා ඔවුන්ගේ ප්රජනක හැකියාවට බාධා ඇති වන අයුරින් රෝගී තත්වද ඇති වෙන්න පුලුවන් . “විකිරණ වැඩිහිටියන්ට විශේෂයෙන් ප්රජනන සෛල බිහි කිරීම, කළල විකසනය හා භ්රෑනයට අවදානම්කාරී ලෙස බලපානව කියල සැලකෙනව වගේම ඒක තවමත් ගගනගාමීන් සඳහා ප්රධාන සෞඛ්ය අවධානමක් ලෙස සැලකේ” කියල පර්යේෂකයන් ප්රකාශ කරල තියෙනව .

ක්ෂුද්රජීවීත්වය –

සංචාරය අතරතුරදී සහ රතු ග්රහයා මත එක් වරක් හෝ ක්ෂුද්ර ජීවීන්ට නිරාවරණය වීම තවත් කරදරයක්.
අස්ථි හානිය අක්ෂි හා අක්ෂිවල ඇති තරල මට්ටම්වලට බලපානවා.

අභ්යාවකාශ ගමන් ආශ්රිත අනෙකුත් විභව සෞඛ්ය ගැටළු ගණනාවක් තමයි ;

ප්රතිශක්තිකාරක, ස්නායු පද්ධතියේ වෙනස්කම්, ශ්රවන ආබාධ – මේ වගේ කරුනු නිසා මිනිස් සිරුර අඟහරු මත ප්රජනනය සඳහා නුසුදුසු තත්වයක තියෙනවා….

ඉතිං මේ පරීක්ෂණ කරපු විද්යාඥයින් මේ අපහසුතාවයන් මගහරින්න CRISPER ක්රම්යෙන් ජානමය ලෙස අලුත් මිනිසුන් නිර්මානය කිරීමට තියෙන හැකියාව ගැන සඳහන් කරල තියෙනව.ඒත් එතකොට මිනිසුන්ට ආයෙත් අලුතින්ම ඇති වෙන අචාර ධර්ම කොටසක් එක්ක සටන් කරන්න සිද්ධ වෙයි…

ඉතිං තාමත් අඟහරු මත ප්රජනනය සිදු කරන උත්සහ කරනව කියන කාරණය අද හෙට සාර්ථක වෙන්නෙ නැති වයි.ඒත් අපිට තව ලොකු කාලයක් තියෙනවා.කොහොම වුණත් අපේ ලෝකයෙන් පිටතදි වර්ගයා බෝ කීරීමක සිදු කලොත් ඇති වෙන බලපෑම් ගැන ලොකු අවධානයක් යොමු කරන්න ඕන

පිරිමි සහ ගැහැණු ප්රජනක සෛල නිපදවීමට, ගර්භනීකරණය හා බෙදාහැරීමේ ක්රියාවලියේදී ඇතිවන ගුරුත්වාකර්ෂණ බලපෑම් පිළිබඳ අධ්යයනයන් සඳහා තියෙන අවශ්යතාවයත් ඒ අය පෙන්වා දෙනවා. රතු ග්රහයා වෙනුවට චන්ද්රයා හෝ අභ්යවකාශ නැවතුම් මධ්යස්ථානය මත මානව ප්රජනනය සිදු කිරීම සම්බන්දයෙනුත් මිනිසුන් තාම අසාර්ථකයි

ඉතිං අඟහරු මත ජනාවාසකරණය ගැන සලකද්දි මතුවෙන ගැටලු වලින් එකක් තමයි මේක….බොහෝදුරට යථා කාලයේදී විද්යාඥයින් මේ ප්‍රශ්නෙටත් විසඳුමක් හොයාගනියි….

2021 දි අභ්‍යවකාශයෙ පලවෙනි Hotel එක Open වෙනවා.දැන් ම කාමරයක් වෙන් කරගන්න 😉

2021 වෙනකොට ලෝකෙ පළවෙනි සුඛෝපබෝගී අභ්‍යවකාශ හෝටලය විවෘත වෙනවා කියලා ආරංචි වුණා.ඒ ගැන තමා අද Post එක.මේකෙ ප්‍රමාණය සැලකුවොත් දිගින් අඩි 35ක් සහ පළලින් අඩි 14 ක් වෙනවා.මේ හෝටලයේ එකවර සංචාරකයින් හතර දෙනෙකුට සහ ඔවුන්ට සේවා සපයන්නන් දෙදෙනෙකුට ඉඩ සලසන්න නියමිතව තියෙනවා.

මේ සංචාරකයන්ට අමතක නොවෙන අත්දැකීමක් ලබා දෙන්න තමා සමාගම හිතන් ඉන්නෙ.විශේෂයෙන්ම දවස් 12ක් අධික වේගයෙන් පෘථිවිය වටේට මෙයාලව එක්කන් යන්නත් ඔවුන් සැලසුම් කරලා තියෙනවා.
හැබැයි ඉතින් මධ්‍ය ආදායම් ලබන අපි වගේ රටක අයටනම් මේ හීනෙ හීනයක් විතරක්ම වෙන්නත් ඉඩ තියෙනවා ඒ මොකද ඔවුන් මේ වන විට සැලසුම් කරල තියෙන්නෙ එක Passenger කෙනෙක්ගෙන්(මගියෙක්ගෙන්) ඇමෙරිකානු ඩොලර් මිලියන 9.5 ඒ කියන්නෙ රුපියල් වලින් 1,491,500,000 (1$= Rs.157 නම්)අය කරන්න සැලසුම් කරලා තියෙනවා.ඔයාලා කැමතිනම් මේ හෝටලේට Travel එකක් දාන්න ඔයාලට පුලුවන් දැන්ම ඔයාගේ ඉඩ වෙන් කරගන්න.

Orion Span සමාගම Online Reservation system එකක් මේ සදහා හදුන්වලා දීලා තියෙනවා.ඒ කියන්නෙ ඔයාලට Online ම කාමරයක් වෙන් කරගන්න පුලුවන්.හැබැයි 80 000 $ ක් අත්තිකාරමක් වශයෙන් ගෙවන්න ඕනි.
Deposit කරන්න බය වෙනන ඕන නෑ.මේ $80000 ආයේ ගන්න ඔයාලට පුලුවන්.
Orion Span ආයතනයෙ මූලාරම්භකයා ඒවගේම ප්‍රධාන විධායක නිලධාරියා වන Frank Bunger මහතා Bloomberg වෙත අදහස් දක්වමින් කියාසිටියේ “අපට අවශ්‍යයි මිනිස්සු අභ්‍යාවකාශයට ගෙනියන්න මොකද ඒක මානව ජනාවාසකරණයේ විශාල ඉදිරි පියවරක් වෙනවා.”කියලයි.ඒ වගේම ඔහු කියනවා ඔවුන් එක පුද්ගලයකුට ඩොලර් මිලියන 10 කට අඩු මුදලක් නියම කරලා තියෙන්නෙ මේ හෝටලේ පටන් ගත්ත ගමන්ම නිසාලු.මොකද හැමෝම බලාපොරොත්තුවෙන්නෙ ආරම්භයේදී මොකක් හරි Offer එකක් ලැබෙයි කියලනෙ.

ඔන්න ඔයාලා හිතන් ඉන්නවන්නම් මේකෙ දවසක් හරි ඉන්න,බලන් ඉන්න එපා මේ දැන්ම book කරගන්න මොකද ප්‍රමාදය පසුතැවිල්ලට හේතුවේ කියනවනෙ.😉😉😉

මේ හෝටලයේදී ඔයාලට ලැබෙන පහසුකම් ගැන දැනගන්නත් ඔයාලා ආසා ඇති.ඒ අතරින් විශේෂයෙන්ම ඔයාලට පුලුවන් ගුරුත්වාකර්ෂණය රහිත නිසා හෝටලය පුරාම පියාඹන්න.ඒ වගේම ඔයාල ජිවත් වෙන තැන/නගරය අභ්‍යාවකාශයේ ඉදන් බලන්නත් ඔයාලට අවස්තාව සලසලා තියෙනවා.තව විශේෂ දෙයක් තමයි ඔයාලට පුලුවන් විවිධ පරීක්ෂණ කරන්න හරියට කක්ෂ ගතව ඉද්දි එළවළු වගේ දේවල් වගා කරලා බලන්න පුලුවන්.තවත් දෙයක් තමා තමන්ගෙ යාලුවො ,පවුලේ අය එක්ක video chat කරන්නත් අවස්තාව දීලා තියෙනවා.

හැබැයි ඔයා යන්න හිතන් ඉන්නවනම් ඔයාට සිද්ධ වෙනවා Avurora මධ්‍යස්ථානයේ මාස තුනක කාලයක් පුහුණු වෙන්න.එහෙදි මූලික අභ්‍යාවකාශ තරණ දැනුම,කක්ෂ යාන්ත්‍රණය,අභ්‍යාවකාශයේ පීඩන පරිසර තත්ව ආදිය ගැන දැනුම ලබා දෙන්න සැලසුම් කරලා තියෙනවා.
ඒ වගේම හූස්ටන් මධ්‍යස්ථානයේ පිහිටලා තියෙන Orion Span මූලස්ථානයේදීත් පුහුණුවක් ලබලා දෙන්න එයාල හිතන් ඉන්නවා.
Orion span සමාගම කියන්නෙ එයාලගෙ අරමුණ වෙන්නෙ හැමෝටම අඩු මුදලකට අභ්‍යාවකාශය තරණය කරන්න අවස්තාව සලසන එක කියලයි.
ඉතින් ඔයාලත් අනිවා ආස ඇති අභ්‍යාවකාශයේ හෝටලේක නවතින්න.මෙන්න ඒ අවස්තාව දැන් උදා වෙලා තියෙනවා.සල්ලි තියෙන අය ඉක්මනින් booking එකක් දාන්න.සල්ලි මදි අය දුක් වෙන්න ඔනි නෑ.අද ඉදන් සල්ලි හොයන්න මහන්සි වෙන්න දවසක ඔයාටත් අනිවා පුලුවන්වෙයි අභ්‍යාවකාශයෙ හෝටලේක පාවි පාවි ඉන්න.

මේ ගැන ඔයාලා තව දේවල් දන්නවා ඇති.ඒ දේවල් Comment එකකින් කොටන් යන්ඩ.අනිත් අයටත් දැනගන්ඩ.මේ Post එකේ තියෙන දෙයක්/තැනක් ගැන දැනගන්ඩ ඕනනම් ඒකත් කියන්ඩ.ඊලඟ Post එකෙන් කියන්නම්.

පෘථිවි චුම්භක ක්ෂේත්‍රය බටහිර පැත්තට ලිස්සලා යනවලු | අපිට ප්‍රශ්න ගොඩකට මූණ දෙන්න වෙයි

අපි හැමෝම දන්න දෙයක් තමා පෘථිවිය වටා චුම්භක ක්ෂේත්‍රයක් තියෙනවා කියන සිද්ධිය…විද්යාඥයො අවුරුදු 400ක් තිස්සේ මේ ගැන පර්යේශන පවත්වනවා.මේ දත්ත වලට අනුව දැන් හොයාගෙන තියෙනවා මේ චුම්භක ක්ෂේත්‍රය බටහිර පැත්තට ලිස්සලා යනවා කියලා. විද්‍යාඥයො උපකල්පනය කරනවා පෘථිවියේ පිටත හරයෙ තියෙන අද්භූත තරංග විශේෂයක් නිසා මේ ලිස්සායෑම සිද්ධ වෙනවා කියලා.

මේ තරංග විශේෂය රොස්බි තරංග කියල හඳුන්වනව.මේ තරංග විෂේශය භ්රමණය වෙන තරල වලින් ඇති වෙනව කියල තමයි කියන්නෙ.මේ රොස්බි තරංග පෘථිවියේ සාගර වල, වායුගෝලයේ වගේම බ්‍රහස්පති සහ සූර්යයා වගේ විශාල භ්‍රමණය වන වස්තු වල දක්නට ලැබෙනවා

පෘථිවි පිටත හරය තුල තියෙන ද්‍රව යකඩ වල භ්‍රමණය පෘථිවියේ චුමභක ක්ෂේත්‍රයට ඇතිවෙන්න හේතු වෙලා තියෙනවා. මේ චුම්භක ක්ෂේත්‍රය සූර්යයාගෙන් එන අහිතකර කිරණ වලින් පෘථිවිය ආරක්ශා කරනවා… මේ ක්ෂේශත්රය තිබුනේ නැති නම් පෘථිවි වායු ගෝලය සම්පූර්ණයෙන්ම නැති වෙලා යන්න පුළුවන් ..

පෘථිව් හරය ඔස්සේ පැතිරෙන මේ රොස්බි තරංග වලින් පෘථිවි චුම්භක ක්ශේතයේ සමහර රහස් විසඳගන්න පුලුවන් බව විද්යාඥයො හිතනවා.පහුගිය සියවස් හතර පුරාවට විද්යාඥයන් විසින් භූ චුම්භකත්වයේ ඇල වීම මැනලා තියෙනවා.ඒ කියන්නේ සැබෑ උතුර සහ හා මාලිමා කටුවේ තුඩ යොමු වෙලා තියෙන උතුර අතර වෙනසට හේතුව මේකෙන් පැහදිලි කරන්න පුලුවන් වෙයි කියල විද්යාඥයො විශ්වාසය කරනවා.

පෘථිවි ඉතිහාසය පුරාවටම චුම්බක ක්ෂේත්රයේ උතුර , දකුණ පැති මාරු වෙලා තියෙනවා.මේක එච්චරම ගැටළුකාරී තත්වයක් නෙවෙයි.මේ වගේ උතුර , දකුණ මාරු වෙන්න අව්රුදු 10,000 ක් විතර ගත වෙනවා කියලා තමයි විද්යාඥයො කියන්නෙ.මේ ක්‍රියාවලිය අතරමැදදි ධ්‍රැව අතර චුමභක ක්ෂේත්‍රයේ දුර්වලවීමක් සිද්ධ වෙන්න පුලුවන්.

පෘථිවි චුම්භක ක්ෂේත්‍රය දුර්වල වුණොත් අහිතකර සූර්ය අංශු විශාල ප්‍රමාණයක් පෘථිවියට ඇතුල් වෙනවා.මේ අහිතකර සූර්ය අංශු වලින් විදුලි පද්ධති වලට බාධා කරන්න පුලුවන්.ඒ වගේම චුම්භක ක්ෂේත්‍රය දුර්වල වීම නාවික කටයුතු සම්බන්ධ ගැටළු රාශියක් ඇති කරන්න හේතු වෙනවා. කොහොම වුණත්, විද්යාඥයො සහතික කරලම මේ ගැන අදහසක් තාම ප්‍රකාශ කරල නම් නැහැ…සමහරවිට මේක අපේ චුම්භක ක්ෂේත්‍රයෙ සාමාන්‍යය හැසිරීමක් වෙන්නත් පුලුවන්.

ඔයාලා මේ ගැන මීට වඩා විස්තර දන්නවා ඇති.ඒ දේවල් අපිට පුලුවන් Comment Section එකේ කතා කරන්න.

Credit : UD

2020 Mars Mission එකේදි Curosity Rover එකත් එක්ක Autonomous Helicopter එකක් ?

2020 ජූලි මාසෙ NASA එක රතු ග්‍රහයා,එහෙම නැත්නම් අඟහරු බලන්න යන Mission එක ගැන ඔයාලා දන්නවා ඇතිනෙ.හැබැයි ඔයාලා දැනට දන්නෙ ඒකට යන්නෙ Curiosity Rover එක විතරක් කියලා.NASA එකෙන් Announce කරලා තියෙනවා කියුරියෝසිටි රෝවර් එකත් එක්ක ස්වයං පාලක(Autonomous) Helicopter එකකුත් අඟහරුට යනවා කියලා.Helicopter එක අඟහරුට යවන්නෙ කියුරියෝසිටි රෝවර් එකේ යටි පැත්තෙ හයි කරලා.මෙයාලා අඟහරු මතට ගොඩබැස්සට පස්සෙ රෝවර් එකෙන් හෙලිකොප්ටර් එක වෙන් කරනවා.එතන ඉඳලා Helicopter එක පෘථිවියෙන් යවන සංඥා වලට අනුව පාලනය කෙරෙනවා.ඒත් පෘථිවියේ ඉඳලා යවන මේ Signals අඟහරුට යන්න විනාඩි කීපයක් ගත වෙනවා.මේකට හේතුව දුර.ඉතින් මේ නිසා Helicopter එකට Autonomous,ඒ කිව්වෙ ස්වයං පාලක හැකියාවක් එකතු කරලා තමයි නිර්මාණය කරලා තියෙන්නෙ.මේ නිසා පෘථිවියෙ ඉඳලා සජීවීව මේක කව්රුත් Control කරන්න ඕන වෙන්නෙ නෑ.

NASA එක Plan කරලා තියෙන්නෙ මේ 2020 Marse Mission එකේ දවස් 30 ඇතුලත Mars Helicopter එකේ පියාසැරි වාර 5 ක් කරන්න.මේ එක පියාසැරි වාරයක් තත්පර 90 කට විතර සීමා කරලා තියෙනවා.
කෙටි කාලයක් ඇතුලත විශාල භූමි ප්‍රමාණයක් ආවරණය කරන්න මේ Helicopter එක ගොඩක් හොඳ ක්‍රමයක් කියලා NASA ඉන්ජිනේරුවෙක් වෙන Bobak Ferdowsi Twitter හරහා කියලා තියෙනවා.

අඟහරු ගැන ටිකක් විස්තර දන්න කෙනෙක්ට මේ වෙද්දි ප්‍රශ්න ගොඩක් ඇති.ඔයා දැන් හිතනවා අපේ පෘථිවියේ වායු ගෝලයට වඩා ගොඩක් තුනී,ඝනත්වයෙන් අඩු වායු ගෝලයක් තියෙන අඟහරුට Helicopter එකක් හරියයිද කියලා.NASA ඉන්ජිනේරුවො මේ ගැන හිතලා අපි දකින සාමාන්‍ය Helicopter එකකට වඩා පොඩි වෙනස් කම් ටිකක් කරලා තියෙනවා.මේ Helicopter එකේ Main Body එකේ Size එක Softball එකක් තරම්.ඒවගේම මේකට භ්‍රමණ පෙති (Rotating-Blades) දෙකක් තියෙනවා.විශේෂම දේ මේ Blades කැරගෙන වේගෙ පෘථිවියේ තියෙන Helicopter එකක පෙති කැරකෙන වේගෙ වගේ 10 ගුණයක්.ඒ කියන්නෙ විනාඩියට වට 3000 ක්.

හොඳම දේ.වෙනත් ග්‍රහලෝකෙකට යවන පලවෙනි Helicopter එක මේ Marse Helicopter එක.

මේ ගැන ඔයාලත් තව ගොඩක් දේවල් දන්නවා ඇති.ඒ දේවල් අපිට කතා කරන්න පුළුවන් පල්ලෙහා තියෙන Comment Section එකේ.

මේ වගේ අලුත් විස්තර හැමදාම දැනගන්න Follow කරලා Set වෙන්න 360 Dimensions අපේ Blog එකත් එක්ක.

Finger Print වෙනුවට EarPrint ?

EarPrint එක ගැන පොඩි විස්තර ටිකක් හම්බවුණා Google එකේ ඇවිදිද්දි.ඔයාලත් දැනගන්ඩ කැමති ඇති කියලා හිතුණ නිසා මේ පොඩි Post එක ලියන්නෙ.

Galaxy S9, S9 Plus , Google Pixel 2, Pixel 2 XL , LG V30+ , Xiaomi Mix 2 , Oneplus 5T , iPhone X මේ වෙදිදි මම මේ කියලා තියෙන Phones වල වගේම තව ගොඩක් Mobile Phones වල Finger Print Feature එක තියෙනවා.Finger Print කොච්චර දුරට Safe ද ?

2016 දි Michigan State University එකේ පර්යේෂකයො කණ්ඩායමක් ඔප්පු කරලා තියෙනවා Ink jet Printer එකකුයි තව පොඩි පොඩි බඩු ටිකකුයි පාවිච්චි Finger Print Lock එක Hack කරන්න පුලුවන් කියලා.

දැන් කියනනම් EarPrint ගැන.FingerPrint එක මුලින්ම කිව්වෙ ඒකට වඩා මේකයි Ear Print එකෙයි Saftyය ගැන ඔයාලටම පොඩි අදහසක් ගන්ඩ.මේකෙදි වෙන්නෙ අපේ Phone එකෙන් කනට පොඩි ශබ්ද තරංගයක් යවනවා.ඒ ශබ්ද තරංගය පරාවර්ථනය වෙලා එන පරාවර්ථිත තරංගය අපේ Mobile phone එකෙන් විශ්ලේෂනය කරනවා.මේකෙන් කරන්නෙ අපේ කනේ ජ්‍යාමිතික හැඩය අඳුග්න එක.අපේ කනේ තියෙන ජ්‍යාමිතික හැඩය අපිට ආවේණිකයිලු.ඒ කියන්නෙ අපේ භාහිර ශ්‍රවණ නාලයෙ ගැඹුර,කනපෙති තියෙන විදිය,හැඩය වගේ දේවල්.ඉතින් මේ තරංගය විශ්ලේෂණය(Analize) කරලා ලැබෙන දත්ත වලින් Mobile Phone එක අදාල පුද්ගලයව අඳුර ගන්නවා.
මේක කරන්නනම් මුලින්ම අපි ERGO කියන Software එක Install කරගන්න ඕන.වෙන අමතර Heardwares නම් ඕන නෑ කියලා තමයි කියන්නෙ.ඉතිරි ටික මේ ERGO Software එකෙන් Phone එකේ Censors පාවිච්චි කරලා කරගන්නවා.මේ Software එක Develop කරන්නෙ ඇමෙරිකානු තාක්ෂණික සමාගමක් වෙන Descartes Biometrics සමාගම.

මේ ගැන ලොකුවට විස්තර මම මේකෙ ලියනවට වඩා හොඳයි Illumination Cast එකෙන් මේ ගැන විස්තරයක් ඉල්ලන එක.

ඩයිනසෝර් අම්මලා ඩෝනට් එකක හැඩේට කූඩුව හැදුවෙ ඇයි කියලා දන්නවද ?

ඩයිනසෝර් අම්මලා තමන්ගෙ බිත්තර ඩෝනට් එකක හැඩේට තියන් රැක්කෙ ඇයි ?

ඩයිනොසෝර්ලා,ඒ කිව්වෙ මහපොලොවෙ හිටිය දැවැන්තයො බිත්තර රකින කාලෙදි ඒ බිත්තර ආරක්ෂා කරගන්න තමන්ගෙ කූඩු විශේෂ විදියකට නිර්මාණය කරගෙන තියෙනවා.ඒ ගැන තමා අද කියන්නෙ.කිවගෙන ඔහොම යමු පහාලටම📑

කාලයක් තිස්සෙ පරිණාමනය වෙලා දැන් අපි දකින නවීන පක්ශියො වැඩි කොටසක් තමන්ගෙ කූඩු හදාගන්නෙ උඩින් විවෘතව තියෙන විදියට.එයාලා බිත්තර රකින්නෙ ඒ බිත්තර උඩ ඉඳගෙන , අත්තටු වලින් වහගෙන.එහෙම කරන්නෙ බිත්රයක් බීජෞෂණය වෙන්න ඕන ප්‍රශස්ත(සුදුසුම)උෂ්ණත්වය බිත්තර වලට දෙන්න.විද්යාඥයො පරීක්ෂණ කරලා තියෙනවා මේ නවීන පක්ෂීන්(කුරුල්ලො) කරන විදියට ඩයිනසෝර්ලටත් බිත්තර රකින්න පුලුවන් වුණාද කියන එක.

ජපානයෙ නගෝයා විශ්වවිද්‍යාල කෞතුකාගාරයේ කොහෙයි ටනාකා(Kohei Tanaka),එයාගෙ සඟයොත් එක්ක අධ්‍යයනය කරලා තියෙනවා ග්‍රහණයෙන් මිදිලා ෆොසිලභවනය වුණු Oviraptorosaurs(ඔවීරටොරොසෝර්) බිත්තර 40 ක්.ඔවිරටොරසෝර් කියන්නෙ අත්තටු තිබුණු,කකුල් දෙකකින් ගමන් කරපු ඩයිනසෝර් විශේෂයක්.මේ අය 40 kg – 1600 kg විශාලත්වයක් ගන්න ඇති කියලා ෆොසිල විද්යඥයො අනුමාන කරනවා.මේ ෆොසිලභවනය වුණු බිත්තර කටු විශ්ලේෂණය කරලා මේ කණ්ඩායම නිගමනය කරලා තියෙනවා ඔවිරටොරසෝර් හදලා
තියෙන්නෙ විවෘත කූඩු කියලා.

විශාල(ශරීරයෙන් විශාල) සත්තු විශේෂ බොහෝමයක් වෙලාවට දාලා තියෙන්නෙ තුනී, දුර්වල කටුවක් තියෙන බිත්තර.මේ අස්ථාවර බව නිසා ගොඩක් සත්තුන්ට වන්දි ගෙවන්න වෙලා තියෙන බවනම් පැහැදිලියි.ඒ වගේම තමන්ගෙ වටේට, රවුමට බිත්තර තියාගෙන රකින මේ දැවැන්තයන්ට තිබුණු ප්‍රභලම තර්ජනය තමයි තමන්ගෙම අති විශාල ශරීරයයි, විශාල බරයි.මේ බර නිසා කොහොමටවත් ඩයිනසෝර්ලට බිත්තර උඩ ඉඳගෙන ඒවා රකින්න (බීජෞෂණය) කරන්න බෑ කියලා තේරෙනවනෙ.අන්න ඒ නිසා තමයි මෙයාලා කෑල්ලක් කාපු ඩෝනට් එකක හැඩේට තමන්ගෙ කූඩු හදාගත්තෙ.ඒ කිව්වෙ වටේට රවුමට බිත්තර තියලා ඉස්සරහින් ලොකු හිස් කොටසක් තිව්වා දොර විදියට.ඩයිනසෝර් අම්මලා මේ රවුම මැදට ගිහින් එයාලගෙ ලොකු අත්තටු වලින් බිත්තර වහගෙන ඒවට ඕන කරන උනුසුම දුන්නා කියලා තමයි මේ Kohei Tanaka යි එයාගෙ යාලුවො කට්ටයයි කියන්නෙ.

මේ ගැන ඔයාලා දන්න තවත් දේවල් ඇති.ඒ දේවල් Comment කරගෙන යන්න.අනික් අයට උදව්වක් වෙයි ඒක

  • මූලාශ්‍රය : nature.com
  • Credits for the first Article :Masato Hattori

කෙනෙක්ගෙ මතකයක් තවත් කෙනෙක්ට Copy කරන දවස වැඩි ඈතක නෙවෙයි 👀

විද්යාඥයො පිරිසක් මතකයන් එක් ගොලුබෙල්ලෙකුගෙන් තවත් එකෙකුට හුවමාරු කරපු කතාවක් ආරංචි වුණා.සමහරවිට දවසක මේක මිනිසුන්ට කරන්නත් විදියක් ඒ අය හොයාගනියි.එහෙම වුනොත් කරන්න පුළුවන් එක එක විදියෙ දේවල් හිතන අතරෙ මට මේක ලියන්න හිතුණා.

මේ විද්යාඥයො කටටිය මුහුදු ගොළුබෙල්ලො 20,000 කගේ විතර තියෙන නියුරෝන මිනිස්සු බිලියන 100 දෙනෙකුටත් වඩා පිරිසක් එක්ක සංසන්දනය කරළා තියෙනවා.බොහොමයක් විද්යාඥයො කාලයක් තිස්සේ මුහුදු මත්ස්යයන් ගැන අධ්‍යයනය කරමින් ඉන්නෙ,මේ ජිවීන් ඉගෙනගන්න විදිය ගැන පවා විද්යාඥයො ගොඩක් දේවල් දන්නවා.සාගර ජීවීන්ගෙන් වැඩි කොටසක් ක්ෂීරපායින්.ඒ කියන්නෙ කිරි බී වැඩෙන අය.මුහුදේ ජීවත් වෙන සත්තුන්ගෙන් වෙන කිසිම ජීවියෙක්ගෙ දකින්න නැති විශේෂ ලක්ශනයක් මුහුදු ගොළුබෙල්ලන්ට තියෙනවා.ඒ තමා ඒ ගොළුබෙල්ලන්ගෙ ස්නායු ආවේග හුවමාරුව.ඒ සත්තුන්ගෙ ස්නායු ආවේග හුවමාරුව අපේ ස්නායු ආවේග හුවමරුවට ගොඩක් දුරට සමානව තමා සිද්ධ වෙන්නෙ.

ඉතිං ඒ නිසා මුහුදු ගොලුබෙල්ලො අතර මතකයන් හුවමාරු කරා වගේම මිනිසුන් අතරත් මතකයන් හුවමාරු කරන එක ගැන අපට බලපොරොත්තුවක් තියා ගන්න පුලුවන්…😋

The journal eNEURO කියන සඟරාවෙ තියෙන විදියට පරීක්ෂණ වලදී මේ අය ගොලුබෙල්ලන්ගේ නැට්ටට කම්පනයක් ලබා දීලා තියෙනවා(මේක හානියක් නොවෙන විදියට කරලා තියෙන්නෙ)ඒකෙදි උන් තත්පර කීපයක රැලි ගැසීමේ ප්‍රතිචාරයක් ලබා දීලා තියෙනවා.මේක නැවත නැවත් කරද්දි ඒ ප්‍රතිචාරය තත්පර 50 ක විතර කාලයක් වෙනකල් වැඩි කර ගන්න පුලුවන් වෙලා තියෙනවා.

ඊළඟට,මේ විද්යාඥයො කණ්ඩායම පුහුණු කරන ලද ගොළුබෙල්ලන්ගේ ඉහළ උදරයේ ස්නායු පටකයේ තියෙන සෛල වල DNA මත පදනම් වෙච්ච රයිබෝනියුක්ලෙයික් අම්ල(RNA-Ribo Nucleic Acid) කිහිපයක් අරගෙන,නුපුහුණු ගොළුබෙල්ලන්ගෙ ස්රාවීකරණ පද්ධතියට ඇතුල් වෙන විදියට උන්ට එන්නත් කරලා තියෙනවා.ඊටපස්සෙ ගොලුබෙල්ලන්ට කම්පනයක් ලබා දුන්නම,RNA එන්නත් නොකරපු ගොළුබෙල්ලන් තත්පර කීපයක් විතරක් ඒ ඉරියව්වෙන් ඉඳලා තියෙනවා පුහුණුවක් නොබලපු ගොළුබෙල්ලන් හැමෝම සාමාන්‍යයෙන් කරන විදියට.ඒත් පුහුණුව ලබපු ගොළුබෙල්ලන්ගෙන් ගත්ත RNA එන්නත් කරපු අය තත්පර 40 ක් තිස්සේ උන්ගෙ ඉරියව්ව තියන් ඉඳලා.මීට කලින් අත්දැකීම් නැති දෙයක් වුණත් මේ උත්තේජයට(නැට්ටට කම්පනයක් ඇති වීම)ප්‍රතිචාර දක්වන්නෙ කොහොමද කියලා මේ ගොලුබෙල්ලො මතක් කරලා තියෙනවා.ඉතින් පුහුණු කරපු ගොළුබෙල්ලන්ගෙ ඒ පුහුණුව ගැන තියෙන මතක පුහුණු නොකරපු ගොලුබෙල්ලන්ට ලැබුන නිසා තමයි ඒ පුහුණු නොකරපු ගොලුබෙල්ලො තත්පර 40 ක් විතර අදාල ප්‍රතිචාරය පෙන්නුවෙ.

දීර්ඝ කාලයක් තිස්සෙ තියෙන විද්යාත්මක විවාදයක් පැහැදිලි කරන්න සඳහා මේක විශාල සාක්ශියකි.සමහර පර්යේෂකයන්ගෙ අදහස; මතක ශක්තිය ගබඩා කරලා තියෙන්නෙ ස්නායු සෛල අතර අවකාශයෙ කියලා.තවත් පිරිසක් නියුරෝන වල න්‍යෂ්ටි තුළ මතකයන් ගබඩා කරලා තියෙනවා කියලා කියනවා.ලේඛකයෙකු වන ඩේවිඩ් ග්ලැන්ස්මන් BBCයට කියලා තියෙනවා, “මතක ශක්තිය අපේ ස්නායු සෛල අතර අවකාශයේ ගබඩා කරළා තිබුනනම්, අපේ අත්හදා බැලීම් සාර්ථක වෙන්න කිසිම ඉඩක් නැ.”කියලා.

ඕක තමා කතාව.තව චූටි දේවල් ටිකක් කියන්නම්.මිනිසාට,ඒ කයන්නෙ අපිට තියෙන මතකය ආශ්‍රිත රෝගාබාධවලට ප්‍රතිකාර කරන්නනම් ඒකට මුලින්ම අපේ මොළය මතකය ගඩඩා කරන්නෙ කොහෙද,කොහොමද කියන දේ අපි තේරුම් ගන්න ඕන.UCLA කණ්ඩායම කියන විදිහට,”මේ අධ්‍යයනයන් වලින් මතකයන් වෙනස් කිරීම, වැඩි දියුණු කිරීම හෝ අත්හැර දැමීමට හැකියාව තයෙනවා”.මේකෙන් Alzheimer’s රෝගයේ මුල් අවධියේදී මිනිසුන්ගේ මතකයෙන් අහිමි වුණු දේවල් නැවත ලබාදෙන්න නව ක්‍රම ඇති විය පුලුවන්.පශ්චාත්-කම්පිත මානසික ආතතිය (PTSD) සඳහා නවීන ප්‍රතිකාර රටා හොයා ගන්නත් පුලුවන් වෙයි.

කොහොම වුණත් මේ හැම සොයා ගැනීමක්ම සිද්ධ කෙරුණේ ගොලුබෙල්ලන් සම්බන්ධව.ඒවගේම මේකෙන් මතකය ගබඩා වෙලා තියෙන්නෙ කොහෙද කියන ප්‍රශ්නෙට හරියටම පිලිතුරක් ලැබෙන්නෙත් නෑ.ඒවගේම මේ ක්‍රමය මිනිසුන්ට සාර්ථක වෙයිද කියන්නත් බෑ..

ඉතිං අපි තාමත් RNA කොටසක් ගෙලට එන්නත් කරල කරාතේ කලු පටි කාරයෙක් හරි සුපිරි Gamer කෙනෙක් හරි වෙන්න තියෙන හැකියාවන්ට ගොඩක් දුරින් ඉන්නෙ..😝 ඒ වුනත් ඒකට එක පියවරක් හරි ලං වෙන්න පුලුවන් වෙලා තියෙනවා මේ නැට්ට කම්පනය කරපු ගොලුබෙල්ලන්ට ස්තූති වෙන්න.

මේ ගැන ඔයාලා දන්න දේවල් තව ඇති.ඒ දේවල් Comment කරන්න.එතකොට අනිත් අයටත් ඒ දේවල් දැනගන්න පුලුවන්.මේ වගේ තව රස කතා කියවන්න කැමතිනම් Follow කරන්න මේ Blog එක.අන්තිමට කියන්න තියෙන්නෙ අමාරුවෙන් මේක කියෙව්වට Thank you !😛

Special Credits : UD

2018 වන විට ලොව වේගවත්ම යතුරු පැදි 10

10.BMW K1200S

10 වෙනි තැන Speed එක මෙහෙමනම් පලවෙනි තැන ගැන හිතාගන්න😉

Top Speed 280 kmph

BMW සමාගම මේ K1200S Bike එක බොහොම සැහැල්ලුවට වගේම ජවසම්පන්න විදියට නිර්මාණය කරලා තියෙනවා.මේ නිසා මේක Handle කරන්න බොහොම ලේසියි ලු.Engine – 1157 CC four cylindered inline with an inbuilt transmission.මෙයාට තත්පර 3.2 කදි 96.5 kmph ක වේගයක් ගන්න පුළුවන්.ඒවගේම ඉතාමත් කාර්යක්ෂම EVO තිරිංග පද්ධතියක්(Brake system) තියෙනවා.මේ EVO තිරිංග partially integrated BMW Motorrad integral ABS වලින් සමන්විත වෙනවා.ඒවගේම මෙයාට පුලුවන් 10250 RPM වලදි අශ්ව බල 164 ක(164 HP) උපරිම බලයක් ලබාගන්නත්.ඒවගේම RPM 8250 දි 129 Nm ක උපරිම ව්‍යාවර්ථනයක්(torque) ලබා ගන්නත් පුලුවන් කම තියෙනවා.

ව්‍යාවර්ථනය කියන්නෙ චලනය වෙන වස්තුවක්(මොකක් හරි දෙයක්) එයා චලනය වෙන දිශාව වෙනස් කරන්න හරි නිශ්චල වස්තුවක් චලනය වෙන්ඩත් තියෙන අකමැත්ත.Bike එකක වේගෙන් ගිහින් ක්ලච් එක ඇල්ලුවම ටික දුරක් නවතින්නැතුව යන්නෙ මේ ව්‍යාවර්ථනය කියන සිද්ධිය නිසා.

09.Aprilia RSV 1000R Mille

Top speed : 281 kmph

Bike එක නිෂ්පාදනය කරලා තියෙන්නෙ 1998-2000 දී.මේකට Mille කියන නම ලැබෙන්නෙත් මේ නිසා.Mille කියන්නෙ ඉතාලි භාශාවෙන් 1000.විශේෂත්වය වෙන්නෙ මේ Bike එක තවමත් විශාල වශයෙන් භාවිතයේ තියෙනවා.998 CC liqued cooled engine එකකින්(With electronic fuel injection) තමයි මෙයා දුවන්නෙ.මෙයාට තත්පර 3.1 කදි 96.5 kmph වේගයක් ලබාගන්න පුලුවන්.ඒවගේම 10000 RMP දි 141.3 HP උපරිම බලයක් ලබාගන්න පුලුවන්.5500 RPM දි 107 Nm උපරිම ව්‍යාවර්ථනයක්(torque) ක් ලබා ගන්නත් පුලුවන්.

08.MV Agusta F4 1000R

Top speed : 297 kmph

මෙයාට තත්පර 2.7 කදි 96 Kmph වේගයක් ගන්න පුලුවන්කම තියෙනවා.හිතාගන්න පුලුවන්ද Speed එක කොහොමද කියලා.ඒවගේම මේක නිශ්පාදනය කරද්දි වේගයට විතරක් සීමා නොකර ඉතාමත් හොඳ Handling System එකකුත් මෙයාට දීලා තියෙනවා.ඉහල වේගයන් වලදිත් ඉතාමත් පහසුවෙන් හසුරවන්න පුලුවන් වෙලා තියෙනවා මේ නිසා.MV Agusta F4 1000R,10000 RPM දි 174 HP ක උපරිම බලයක් සහ 115 Nm ක උපරිම ව්‍යාවර්ථනයක්(torque) ක් ලබා ගන්නවා.

07.Kawasaki Ninja ZX-14R

Top speed 300 kmph

ඔයාලට පේනවා ඇති it’s looks like a Beast.මෙයාගෙ පෙනුම වගේම තමයි ඇතුලත්.(දැන් ඉන්න කෙල්ලො වගේ නෙවෙයි).1441 CC of power with an inline-four moto Engine එකෙන් මෙයාට විශාල ජවයක් දෙනවා.levels තුනකින් සමන්විත traction control system එක (ප්‍රකර්ෂණ පාලක පද්ධතිය) නිසා ඉතාමත් ඉක්මනින් මෙයාල අපේ පාලනයට ගන්න පුලුවන්.තවත් දෙයක් තමා මෙයා 80-100 kmph වගේ වේගයකදිත් හරි Smooth විදියට(බබා වගේ) යනවා.තත්පර 2.6 කදි 96 kmph වේගයක් ගන්න පුලුවන් කම තියෙනවා මේ Kawasaki Ninja ZX-14R Bike එකට.ඒවගේම 10500 RPM දි 108 kW උපරිම බලයක් ගන්නත් පුලුවන්.

06.BMW S1000 RR

Top Speed : 305 kmph

මුලින් බලමු ඇතුල.999 CC 16-valve motor engine with a new intake cam and lighter inlet valves.BMW S1000 RR Design කරද්දි වැඩි අවධානයක් යොමු කරලා තියෙන්නෙ වේගයට.ඒනිසාම මේ Bike එක හැකි තරම් සැහැල්ලු වෙන විදියන නිර්මාණය කරලා තියෙනවා.මෙයාට තත්පර 2.6 කදි 96 kmph වේගක් ලබාගන්න පුලුවන්.13500 RMP දි 195.2 bHP උපරිම බලය ලබා ගන්නවා.

05.Honda CBR 1100XX Blackbird

Top speed : 305 kmph

Honda CBR 1100XX Blackbird, 1137 CC liquid cooled inline four cylindered engine එකක හිමිකාරයෙක්.තත්පර 2.8 කදි 96 kmph වේගයක් ලබාගන්න පුලුවන්කම තියෙනවා මෙයාට.ඒවගේම 10000 RPM දි 153 HP උපරිම බලය ලබා ගන්නවා.

04.Kawasaki Ninja H2R

Top speed : 357 kmph

බයික් එකක් විදියට පේන another beast කෙනෙක් තමා මේ.998CC liquid cooled, 4 stroke , in-line four, DOHC, 16-valve engine එකක් මෙයාට තියෙන්නෙ.තේරෙනවනෙ කොහොමද මේ Speed එක ලැබුනෙ කියලා.මේ ඉහල වේගය නිසාම මෙයාගෙ Electronic rider support suit එකක් ස්ථාපිත කරලා තියෙනවා.ඒකෙ අඩංගු වෙනවා KTRC (Kawasaki TRaction Control), KIBS (Kawasaki Intelligent anti-lock Brake System), KEBC (Kawasaki Engine Brake Control) and KLCM (Kawasaki Launch Control Mode).මේ දේවල් නිසා මේ Bike එක ඉතාමත් ඉහල වේගයකදිත් බොහොම සුමටව Drive කරන්න පුලුවන් වෙලා තියෙනවා.මෙයා තත්පර 2.5 කදි 96 kmph වේගයක් ගන්නවා.ඒවගේම 11000RPM දි 197.3 HP උපරිම බලයක් ලබා ගන්නවා.

03.MTT Turbine Superbike Y2K

Top speed : 365 kmph

මේ Super Bike එක දැනට නිෂ්පාදනය කරලා තියෙන ප්‍රභලම Motorcycles වලින් එකක්.ඇතුල මෙන්න;Rolls-Royce 250-C18 turboshaft engine with a 2-speed semi-automatic transmission.මෙයාට තත්පර 2.5 කදි 96 kmph වේගයක් ලභාගන්න පුලුවන්.සාමාන්‍යය වේගයෙන් මේ වාක්‍යය කියවන්න යන්නෙත් ඒ වගේ කාලයක්.හිතාගන්න පුලුවන්ද මෙයාගෙ Power එක. MTT Turbine Superbike Y2K, 52000RPM දි 320 HP උපරිම බලයක් ලබා ගන්නවා.

02.Suzuki Hayabusa

Top speed : 400 kmph

මේ හාදයට 1340CC four-cylindered, short-stroke, DOHC, 16-valve engine එකක් තමා තියෙන්නෙ.Zuzuki Dual throttle valve(ද්විත්ව ඉන්ධන පාලක කපාට) වලින් Bike එකේ Performence හැම වෙලේම එකම විදියකට පවත්වගන්නවා.මෙයා තත්පර 2.6 කදි 96 kmph වේගයක් ගන්නවා.6750 RPM දි 197 HP උපරිම බලය ලබා ගන්නවා.

01.Dodge Tomahawk

Top speed : 560 kmph

මේ superbike එක 8277CC 10 valve, four stroke engine එකකින් සමන්විත වෙනවා.ඒවගේම මේක රෝද 4 කින් සමන්විත වෙනවා.ඒ රෝද හතරටම වෙන වෙනම suspensions තියෙනවා.මේකෙ Engine එක Dodge Viper එකේ Engine එකට සමානයි.2-Speed Manual toe shift transmision System එකකින් සමන්විත වෙනවා මේ Tomahawk Bike එක.ඒ වගේම සාම්ප්‍රදායික චේන් සහ Sprocket System එකක් තමයි මෙයාට තියෙන්නෙ.රෝද 4 ක් තිබීම සහ තවත් හේතු කීපයක් නිසා මේක තවමත් ඇමෙරිකාව තුල නීත්‍යානුකූලව භාවිතා කරන්න බැහැ.මෙයා තත්පර 1.75-2.5 අතර කාලයකදි 96 kmph වේගයක් ලබා ගන්නවා.දැනට භාවිතා නොවුනත් ඉදිරි අනාගතයෙදි අපිට Dodge tomahawk Bike එක බලාගන්න පුලුවන් වෙයි.

Source : beautifullife