10.BMW K1200S

10 වෙනි තැන Speed එක මෙහෙමනම් පලවෙනි තැන ගැන හිතාගන්න😉

Top Speed 280 kmph

BMW සමාගම මේ K1200S Bike එක බොහොම සැහැල්ලුවට වගේම ජවසම්පන්න විදියට නිර්මාණය කරලා තියෙනවා.මේ නිසා මේක Handle කරන්න බොහොම ලේසියි ලු.Engine – 1157 CC four cylindered inline with an inbuilt transmission.මෙයාට තත්පර 3.2 කදි 96.5 kmph ක වේගයක් ගන්න පුළුවන්.ඒවගේම ඉතාමත් කාර්යක්ෂම EVO තිරිංග පද්ධතියක්(Brake system) තියෙනවා.මේ EVO තිරිංග partially integrated BMW Motorrad integral ABS වලින් සමන්විත වෙනවා.ඒවගේම මෙයාට පුලුවන් 10250 RPM වලදි අශ්ව බල 164 ක(164 HP) උපරිම බලයක් ලබාගන්නත්.ඒවගේම RPM 8250 දි 129 Nm ක උපරිම ව්‍යාවර්ථනයක්(torque) ලබා ගන්නත් පුලුවන් කම තියෙනවා.

ව්‍යාවර්ථනය කියන්නෙ චලනය වෙන වස්තුවක්(මොකක් හරි දෙයක්) එයා චලනය වෙන දිශාව වෙනස් කරන්න හරි නිශ්චල වස්තුවක් චලනය වෙන්ඩත් තියෙන අකමැත්ත.Bike එකක වේගෙන් ගිහින් ක්ලච් එක ඇල්ලුවම ටික දුරක් නවතින්නැතුව යන්නෙ මේ ව්‍යාවර්ථනය කියන සිද්ධිය නිසා.

09.Aprilia RSV 1000R Mille

Top speed : 281 kmph

Bike එක නිෂ්පාදනය කරලා තියෙන්නෙ 1998-2000 දී.මේකට Mille කියන නම ලැබෙන්නෙත් මේ නිසා.Mille කියන්නෙ ඉතාලි භාශාවෙන් 1000.විශේෂත්වය වෙන්නෙ මේ Bike එක තවමත් විශාල වශයෙන් භාවිතයේ තියෙනවා.998 CC liqued cooled engine එකකින්(With electronic fuel injection) තමයි මෙයා දුවන්නෙ.මෙයාට තත්පර 3.1 කදි 96.5 kmph වේගයක් ලබාගන්න පුලුවන්.ඒවගේම 10000 RMP දි 141.3 HP උපරිම බලයක් ලබාගන්න පුලුවන්.5500 RPM දි 107 Nm උපරිම ව්‍යාවර්ථනයක්(torque) ක් ලබා ගන්නත් පුලුවන්.

08.MV Agusta F4 1000R

Top speed : 297 kmph

මෙයාට තත්පර 2.7 කදි 96 Kmph වේගයක් ගන්න පුලුවන්කම තියෙනවා.හිතාගන්න පුලුවන්ද Speed එක කොහොමද කියලා.ඒවගේම මේක නිශ්පාදනය කරද්දි වේගයට විතරක් සීමා නොකර ඉතාමත් හොඳ Handling System එකකුත් මෙයාට දීලා තියෙනවා.ඉහල වේගයන් වලදිත් ඉතාමත් පහසුවෙන් හසුරවන්න පුලුවන් වෙලා තියෙනවා මේ නිසා.MV Agusta F4 1000R,10000 RPM දි 174 HP ක උපරිම බලයක් සහ 115 Nm ක උපරිම ව්‍යාවර්ථනයක්(torque) ක් ලබා ගන්නවා.

07.Kawasaki Ninja ZX-14R

Top speed 300 kmph

ඔයාලට පේනවා ඇති it’s looks like a Beast.මෙයාගෙ පෙනුම වගේම තමයි ඇතුලත්.(දැන් ඉන්න කෙල්ලො වගේ නෙවෙයි).1441 CC of power with an inline-four moto Engine එකෙන් මෙයාට විශාල ජවයක් දෙනවා.levels තුනකින් සමන්විත traction control system එක (ප්‍රකර්ෂණ පාලක පද්ධතිය) නිසා ඉතාමත් ඉක්මනින් මෙයාල අපේ පාලනයට ගන්න පුලුවන්.තවත් දෙයක් තමා මෙයා 80-100 kmph වගේ වේගයකදිත් හරි Smooth විදියට(බබා වගේ) යනවා.තත්පර 2.6 කදි 96 kmph වේගයක් ගන්න පුලුවන් කම තියෙනවා මේ Kawasaki Ninja ZX-14R Bike එකට.ඒවගේම 10500 RPM දි 108 kW උපරිම බලයක් ගන්නත් පුලුවන්.

06.BMW S1000 RR

Top Speed : 305 kmph

මුලින් බලමු ඇතුල.999 CC 16-valve motor engine with a new intake cam and lighter inlet valves.BMW S1000 RR Design කරද්දි වැඩි අවධානයක් යොමු කරලා තියෙන්නෙ වේගයට.ඒනිසාම මේ Bike එක හැකි තරම් සැහැල්ලු වෙන විදියන නිර්මාණය කරලා තියෙනවා.මෙයාට තත්පර 2.6 කදි 96 kmph වේගක් ලබාගන්න පුලුවන්.13500 RMP දි 195.2 bHP උපරිම බලය ලබා ගන්නවා.

05.Honda CBR 1100XX Blackbird

Top speed : 305 kmph

Honda CBR 1100XX Blackbird, 1137 CC liquid cooled inline four cylindered engine එකක හිමිකාරයෙක්.තත්පර 2.8 කදි 96 kmph වේගයක් ලබාගන්න පුලුවන්කම තියෙනවා මෙයාට.ඒවගේම 10000 RPM දි 153 HP උපරිම බලය ලබා ගන්නවා.

04.Kawasaki Ninja H2R

Top speed : 357 kmph

බයික් එකක් විදියට පේන another beast කෙනෙක් තමා මේ.998CC liquid cooled, 4 stroke , in-line four, DOHC, 16-valve engine එකක් මෙයාට තියෙන්නෙ.තේරෙනවනෙ කොහොමද මේ Speed එක ලැබුනෙ කියලා.මේ ඉහල වේගය නිසාම මෙයාගෙ Electronic rider support suit එකක් ස්ථාපිත කරලා තියෙනවා.ඒකෙ අඩංගු වෙනවා KTRC (Kawasaki TRaction Control), KIBS (Kawasaki Intelligent anti-lock Brake System), KEBC (Kawasaki Engine Brake Control) and KLCM (Kawasaki Launch Control Mode).මේ දේවල් නිසා මේ Bike එක ඉතාමත් ඉහල වේගයකදිත් බොහොම සුමටව Drive කරන්න පුලුවන් වෙලා තියෙනවා.මෙයා තත්පර 2.5 කදි 96 kmph වේගයක් ගන්නවා.ඒවගේම 11000RPM දි 197.3 HP උපරිම බලයක් ලබා ගන්නවා.

03.MTT Turbine Superbike Y2K

Top speed : 365 kmph

මේ Super Bike එක දැනට නිෂ්පාදනය කරලා තියෙන ප්‍රභලම Motorcycles වලින් එකක්.ඇතුල මෙන්න;Rolls-Royce 250-C18 turboshaft engine with a 2-speed semi-automatic transmission.මෙයාට තත්පර 2.5 කදි 96 kmph වේගයක් ලභාගන්න පුලුවන්.සාමාන්‍යය වේගයෙන් මේ වාක්‍යය කියවන්න යන්නෙත් ඒ වගේ කාලයක්.හිතාගන්න පුලුවන්ද මෙයාගෙ Power එක. MTT Turbine Superbike Y2K, 52000RPM දි 320 HP උපරිම බලයක් ලබා ගන්නවා.

02.Suzuki Hayabusa

Top speed : 400 kmph

මේ හාදයට 1340CC four-cylindered, short-stroke, DOHC, 16-valve engine එකක් තමා තියෙන්නෙ.Zuzuki Dual throttle valve(ද්විත්ව ඉන්ධන පාලක කපාට) වලින් Bike එකේ Performence හැම වෙලේම එකම විදියකට පවත්වගන්නවා.මෙයා තත්පර 2.6 කදි 96 kmph වේගයක් ගන්නවා.6750 RPM දි 197 HP උපරිම බලය ලබා ගන්නවා.

01.Dodge Tomahawk

Top speed : 560 kmph

මේ superbike එක 8277CC 10 valve, four stroke engine එකකින් සමන්විත වෙනවා.ඒවගේම මේක රෝද 4 කින් සමන්විත වෙනවා.ඒ රෝද හතරටම වෙන වෙනම suspensions තියෙනවා.මේකෙ Engine එක Dodge Viper එකේ Engine එකට සමානයි.2-Speed Manual toe shift transmision System එකකින් සමන්විත වෙනවා මේ Tomahawk Bike එක.ඒ වගේම සාම්ප්‍රදායික චේන් සහ Sprocket System එකක් තමයි මෙයාට තියෙන්නෙ.රෝද 4 ක් තිබීම සහ තවත් හේතු කීපයක් නිසා මේක තවමත් ඇමෙරිකාව තුල නීත්‍යානුකූලව භාවිතා කරන්න බැහැ.මෙයා තත්පර 1.75-2.5 අතර කාලයකදි 96 kmph වේගයක් ලබා ගන්නවා.දැනට භාවිතා නොවුනත් ඉදිරි අනාගතයෙදි අපිට Dodge tomahawk Bike එක බලාගන්න පුලුවන් වෙයි.

Source : beautifullife

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s